Last Update  :  2024-05-06 19:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කාසියේ වාසිය වඩාත් තීරණාත්මකයි

කාසියේ වාසිය වඩාත් තීරණාත්මකයි

editorial - 2019 ජුනි මස 26 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(යොහාන් භාසුර, ඩර්හැම්හි රිවර්සයිඞ් ක්‍රීඩාංගණයේදී සිට..)
දකුණු අප්‍රිකාවට එරෙහිව ඩර්හැම්හි රිවර්සයිඞ් ක්‍රීඩාංගණයේ සිකුරාදා (28 වැනිදා) පැවැත්වෙන තරගයේදී කාසියේ වාසිය වඩාත් තීරණාත්මක බව ශ්‍රී ලංකා පිලේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා පැවසීය.

දකුණු අප්‍රිකාවට එරෙහිව තරගය පිළිබඳව හතුරුසිංහ මහතා වැඩි දුරටත් මෙසේ අදහස් දැක්වීය.  

 “මෙම තරගයේදී කාසියේ වාසිය වඩාත් තීරණාත්මකයි. කාසියේ වාසිය ලැබීම විශාල වාසියක් ගෙන දෙනවා. නවසීලන්තයට එරෙහිව තරගයේදී අපිට කාසියේ වාසිය ලැබුණේ නෑ. එංගලන්තයට එරෙහිව තරගයේදී අපි කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දුන්නා. තරගයේ අවසානය වන විට තණතීරුව මන්දගාමි වෙනවා එවිට ලකුණු හඹායෑම අපහසුයි”

“අප සමස්ත දකුණු අප්‍රිකානු කණ්ඩායම පිළිබඳව අවධානය යොමු කරනවා. පළමුව පන්දුවට පහර දුන්නත් පළමුව පන්දු යැව්වත් හොඳ ආරම්භයක් ලබාගැනීම තමයි අපේ උත්සහය. අපිට ඕන තරගයට අවතීර්ණ වෙලා තරගය තුළ රැදී සිටින්නයි. අපි සෑම තරගයකදීම උත්සහ කළේ එය කිරීමටයි”

“අපි දකුණු අප්‍රිකාවට එරෙහිව මෑතකදී ක්‍රීඩා කළා. ඒ නිසා අපි දන්නවා ඔවුන්ගේ ශත්කිය මෙන්ම දුර්වලතා පිළිබඳවත්. දකුණු අප්‍රිකානු ප්‍රබල ක්‍රීඩකයන් පාලනය කිරීම කළ යුතුයි. ඒ සඳහා අපේ ප්‍රබල ක්‍රීඩකයන් පසුගිය තරගයේ මෙන් දස්කම් අතරට පැමිණිය යුතුයි”

එංගලන්තයට එරෙහිව ලීඞ්ස්හිදී පැවැති තරගයෙන් පසුව දින හයක විවේකය පිළිබඳව හතුරුසිංහ මහතා මෙසේ පැවසීය.

“මේක දීර්ඝ තරගාවලියක්. ඒ වගේම සෑම අවස්ථාවකදීම පුහුණුවීම් කරනවා. ඒ නිසා ක්‍රීඩකයන්ට නිදහස අවශ්‍යයි. එංගලන්ත තරගයෙන් පසුව අපිට මෙම තරගය දක්වා දින හයක කාල පරතයක් තිබුණා. ඒ නිසා අපි ක්‍රීඩකයන්ට නිදහසේ කටයුතු කරන්න දින දෙකක විවේකයක් දුන්නා. එය ක්‍රීඩකයන්ට හොඳ අවස්ථාවක් වුණා”
එංගලන්තයට එරෙහිව යොවුන් පිතිකරු අවිෂ්ක ප්‍රනාන්දුගේ ඉනිම පිළිබඳව පුහුණුකරු මෙසේ පැවසීය.

“මෙවර ලෝක කුසලාන තරගාවලියේදී බොහෝ දෙනෙක් ශතක රැස්කළ ද අවිෂ්ක ප්‍රනාන්දුගේ එංගලන්තයට එරෙහිව ඉනිම මෙවර ලෝක කුසලාන තරගාවලියේ හොඳම ඉනිම කියලා මට කියන්න පුඵවන්”
“ඔහුගේ පළමු ලෝක කුසලාන ඉනිමේදී ප්‍රබල පන්දු යවන්නන්ට එරෙහිව ප්‍රාණවත් ඉනිමක් ක්‍රීඩා කළා. කඩුලු දෙකක් වැටී තිබූ අවස්ථාවේදී ඔහු ඉනිම හොඳ තත්ත්වයකට ගෙන ආවා”

අවසන් පූර්ව වටයට පැමිණීමට නම් ඉදිරි තරග දෙකක් ජය ලැබීම අනිවාර්ය වීම පිළිබඳව පුහුණුකරු මෙසේ අදහස් දැක්වීය.

“තරග ජයග්‍රහණය කරන්න නම් අපි අපේ උපරිමයෙන් ක්‍රීඩා කිරීම අවශ්‍ය වෙලා තියෙනවා. අපි තව දුරටත් පරාජිත කණ්ඩායමක් නොවයි. ඒ නිසා මම අපේ උපරිම බලාපොරොත්තු වෙනවා. උපරිමය දුන්නොත් තරග ජය ගන්න පුඵවන්”

“අපිට තරග ජයගන්න පුඵවන් කියන ආත්මශක්තිය දැන් තියෙනාවා. අපේ ඉදිරි පෙළ පිතිකරුවන් හය දෙනාගෙන් සියලු දෙනාම නොවෙයි අඩුම වශයෙන් හතර දෙනකුවත් සාර්ථක වුණොත් විශාල ලකුණු සංඛ්‍යාවකට යන්න පුඵවන්. එංගලන්තයට එරෙහිව ඇන්ජලෝ විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළා. මාලිංග ඉතාමත් හොදින් පන්දු යවමින් කඩුලු දවාගත්තා”

“අංක හය ස්ථානයේ ප්‍රශ්නයක් තියෙනවා තමයි. අපිට එතන්නට විකල්පයක් නෑ. ධනංජය එතනට හොඳ විකල්පයක් නමුත් ඔහු පසු පෙළින් ලකුණු රැස්කරනවා. අපි ඔහුගෙන් එය බලාපොරොත්තු වෙනවා. අපිට වෙන විකල්පයක් නෑ. මෙම සංචිතයේ මෙය තමයි හොඳම කණ්ඩායම” යැයි පුහුණුකරු වැඩි දුරටත් පැවසීය.

 


අදහස් (1)

කාසියේ වාසිය වඩාත් තීරණාත්මකයි
  • leel gunawardena Wednesday, 26 June 2019 05:31 PM

    ඔබලා ක්‍රිකට් ක්‍රීඩාව හොදට දන්නවා . ඒ නිසා නිර්භයව සටන් කරන්න . ඔබලා දිනනවා දිනනවමයි .

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.