Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ජාතික ක්‍රීඩා සභාවේ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් අතර පැවැති ඉහළ පෙළේ සාකච්ඡාවකදී ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ට පිරිනමනු ලබන වාර්ෂික ගිවිසුම සංශෝධනය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එකඟ වී තිබේ. ඒ අනුව මින් ඉදිරියේදී, ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් වෙත පිරිනමනු ලබන වාර්ෂික ක්‍රිකට් ගිවිසුමට තරග ජයග්‍රහණ වෙනුවෙන් ‘පාරිතෝෂික’ දීමනා එක් කෙරෙනු ඇත.
මෙම පාරිතෝෂික ටෙස්ට්, එක්දින අන්තර්ජාතික මෙන්ම විස්සයි-20 අන්තර්ාජාතික තරග සඳහාත් ගෙවනු ලබනු ඇත.
වාර්ෂික ගිවිසුමකදී ක්‍රීඩකයන් වෙනුවෙන් පිරිනැමෙන මූලික ගෙවීම් මේ වන විට පවතින මට්ටමට වඩා අඩුකෙරෙන අතර තරග ජයග්‍රහණය කිරීමකදී ඔවුන්ට පාරිතෝෂිකයක් ගෙවනු ඇත. එලෙසින්ම පිතිකරුවන් සහ පන්දු යවන්නන් වශයෙන් අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම්වලදී ඉහළ නගින ක්‍රීඩකයන්ගේ දස්කම් අගය කිරීම සඳහාත් ‘පාරිතෝෂික’ මුදලක් ගෙවීමට සාකච්ඡා වී තිබේ.
මෙම වෙනස්කම් වසර 2021 සඳහා සකස් කරනු ලබන ක්‍රීඩකයන්ගේ වාර්ෂික ගිවිසුමට ඇතුළත් කෙරෙනු ඇත. වාර්ෂික ගිවිසුම් ක්‍රීඩකයන්ට ප්‍රදානය කරනු ලබන්නේ තේරීම් කමිටුව විසින් කරනු ලබන නිර්දේශ අනුවය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස්ම නිලධාරියකුගේ ප්‍රකාශයක් අනුව මේ වන විට ටෙස්ට් තරගයක් සඳහා ක්‍රීඩා කරන සෑම ක්‍රීඩකයකුටම ඩොලර් 7500 ක ගෙවීමක් හිමිවේ. ඊට අමතරව ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් සඳහා තවත් ඩොලර් 5000 ක් හිමිවේ. ඒ අනුව ටෙස්ට් තරගයක් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයකුට හිමිවන මුදල ඩොලර් 12,500 කි. තරගයේ ජය හෝ පරාජය සම්බන්ධයෙන් තැකීමක් නොකර මෙම ගෙවීම් කරනු ලබයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිගින් දිගටම ලද පරාජයන් වැල මෙන්ම තම තමන්ගේ වගකීම සම්බන්ධයෙන් ක්‍රීඩකයන් තුළ පවතින දුර්වල ආකල්ප වෙනස් කරලීම සඳහා මෙම ගිවිසුම් වෙනස් කිරීමට සිදුවන බවද ශම්මි සිල්වා මහතා ලංකාදීපට පැවසීය.
“පසුගිය අවුරුද්දේදී (2020) අපි ලංකාවේ ක්‍රිකට් තරග එකක්වත් තිබ්බේ නෑ... අපේ ආදායම තියෙන්නේ ලංකාවේ තරග තිබ්බොත් තමයි. මොකද එතකොට තමයි රූපවාහිනී වලින් අපට ආදායම එන්නේ...එහෙම තියෙද්දිත්, අපි මේ ක්‍රීඩකයන්ට කිසිවක් අඩු නැතුව, ඔවුන්ගේ සම්පූර්ණ වැටුපම ගෙව්වා...”
“ඒත් මෙච්චර මුදලක් ගෙවලත් මේ ක්‍රීඩකයන් මොනවද කරන්නේ... ? මේවා වෙනස් කරන්නම වෙනවා” යයි ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා වැඩිදුරටත් පැවසීය.
තරග සඳහා කරනු ලබන මෙම ගෙවීම් වලට අමතරව, ක්‍රීඩකයන් සියලු දෙනාටම, රඳවා ගැනීමේ මුදලක් හෙවත් වාර්ෂික ගිවිසුමට අත්සන් කිරීම වෙනුවෙන් ඩොලර් ලක්ෂයක මුදලක් (රුපියල් ලක්ෂ 19.5 ක්) වාර්ෂිකව ගෙවනු ලබයි. එහෙත් ජාතික ක්‍රීඩා සභාවේ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ එකඟතාව වී ඇත්තේ වාර්ෂික ගිවිසුම සංශෝධනයේදී දැනට ගෙවනු ලබන අගයන් අඩුකර තරග ජයග්‍රහණය කිරීම වෙනුවෙන් ‘පාරිතෝෂික’ පිරිනැමීමට හැකිවන පරිදි එය සකස් කෙරෙන බවයි.
ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්, කොළඹ අරලියගහ මන්දිරයේදී පැවැති මෙම රැස්වීමට ජාතික ක්‍රීඩා සභාවේ සභාපති මහේල ජයවර්ධන, ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන්, ජාතික පුහුණුකරු මිකී ආතර් සහ ජාතික ක්‍රිකට් සභාවේ සාමාජිකයෝ කිහිප දෙනෙක්ද සහභාගි වූහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.