Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවෙන් පැමිණෙන සියලුම ගුවන් යානා රට තුළට පිවිසීම තහනම් කිරීමට ඕස්ට්‍රේලියාව පියවර ගැනීමත් සමගම විශේෂ ගුවන් යානයක් එවා, ඉන්දියාවේ සිටින ඕස්ට්‍රේලියානුවන් ගෙන්වා ගන්න ලෙස මුම්බායි ඉන්දියන්ස් පිල වෙනුවෙන් ක්‍රීඩා කරන ක්‍රිස් ලින් ඉල්ලා සිටී. එය තරගාවලිය අවසන් වීමෙන් පසුව කළද කම් නැතැයි ඔහු කියයි.
“අයි.පී.එල්. තරගාවලියේ සෑම කොන්ත්‍රාත්තුවකින්ම ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයට 10%ක් ලැබෙනවා. ඒ මුදල් යොදවලා, තරගාවලිය ඉවර වුණාට පස්සේ, අපට විශේෂ ගුවන් යානයක් ගෙන්වා ගන්න පුළුවන් කියලා මම ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයට එස්.එම්.එස් පණිවුඩයක් යැව්වා” යැයි ක්‍රිස් ලින් කියා තිබේ.
ලින් මෙසේ කීවේ ඉන්දියාවේ සිට පැමිණෙන ගුවන් යානා ගොඩබෑම නතර කිරීමට ඕස්ටේ්‍රලියානු රජය තීරණය කිරීමට පෙරය. මැයි මස 15 වැනිදා දක්වා, ඉන්දියාවේ සිට එන ගුවන් යානා තම රටේ ගොඩබෑම වහාම නතර කරන්නයි ඕස්ට්‍රේලියානු රජය ඊයේ (27 වැනිදා) තීරණය කළේය.
කෙසේ වෙතත් ඕස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් මහතා පවසන්නේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට විශේෂ සැලකීමක් අවශ්‍ය නැති බවයි.
“ඔවුන් එහේ ගියේ ඔවුන්ගේ උවමනාවටයි. ඒවා පුද්ගලික ගමන් මිස ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ සංචාරයක් නෙමේ.” යයි කී ඕස්ට්‍රේලියානු අගමැතිවරයා.. “ඔවුන්ට ඔවුන්ගේම සම්පත් තියෙනවා. ඔවුන් ඒවා ප්‍රයෝජනයට ගනීවි” යයිද පැවසීය.
ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) 2021 තරගාවලිය සඳහා සහභාගී වන විදේශීය ක්‍රිකට් ක්‍රීඩකයින් ජෛව බුබුලෙන් සුරක්ෂිතව සිටියද, කිහිප දෙනෙක් ම තරඟාවලියෙන් ඉවත් වී ආපසු සිය රට බලා ගියහ. ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් වන ඇන්ඩෲ ටේ, ඇඩම් සම්පා සහ කේන් රිචඩ්සන් වැනි අය කෝවිඩ් -19 ට ඇති බිය නිසා ඔවුන්ගේ අයිපීඑල් 2021 තරග බැඳීම් අතරමැදදී අවසන් කිරීමට තීරණය කළහ.
කොරෝනා වෛරස් ආසාදිතයින් සඳහා අවශ්‍ය ඇඳන්, ඖෂධ, ඔක්සිජන් සහ වෙනත් අවශ්‍ය දෑ සපයා ගැනීමට ඉනදියාවේ රෝහල් මහත් පරිශ්‍රමයක් දරමින් සිටින අතර, වෛරසය වැළඳීම පිළිබඳව ක්‍රීඩකයින් අතර ඇති බිය පැහැදිලිව පෙනෙන්නට තිබේ.
“ඉන්දියාවෙන් පිටස්තර ක්‍රීඩකයන්, පුහුණුකරුවන් සහ විචාරකයින් 30 දෙනෙක් විතර අපිත් එක්ක ඉන්නවා. රට පුරා පවතින, පිරිහෙමින් යන සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගෙන, ඔවුන් ඉන්දියාවෙන් පිටව යාමට සූදානමින් ඉන්නේ” යයි නම සඳහන් කිරීමට අකමැති වූ අයෙක් අන්තර්ජාතික ප්‍රවෘත්ති සේවාවකට ප්‍රකාශ කර තිබේ.
කේන් රිචඩ්සන් සහ ඇඩම් සම්පා යන දෙදෙනාම බැංගලෝරයේ රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන අතර ඇන්ඩෲ ටේ රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම නියෝජනය කරයි. මෙම තිදෙනා ඉවත් වීමත් සමඟ අයි.පී.එල්. තරගාවලියේ ක්‍රීඩා කරන ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන්ගේ සංඛ්‍යාව 14 ක් දක්වා අඩුවී තිබේ.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.