Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘පුහුණු අධ්‍යාපනික යෙදුම’ හෙවත් ‘ඩිජිටල් ඇප්’ එකක් මගින් ක්‍රිකට් පුහුණුකරුවන්ගේ දැනුම වැඩි කර ගැනීමේ අවස්ථාවක් හඳුන්වාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පුහුණු අධ්‍යාපන ඒකකය පියවර ගෙන තිබේ. ක්‍රිකට් පුහුණුකරුවන්ගේ දැනුම වර්ධනයට සහාය වීම සදහා භාවිතා කළ හැකි ඩිජිටල් උපායමාර්ගයන්හි ප්‍රධාන අංගයක් ලෙස ඉහළ ප්‍රමිතියෙන් යුතු මෙම ‘ඩිජිටල් යෙදුම’ නිර්මාණය කර තිබේ.
‘පුහුණු අධ්‍යාපන යෙදුමට (ඩිජිටල් ඇප්) ප්‍රවේශවීම මගින් එහි අන්තර්ගතව ඇති පුහුණු කිරීම් සම්බන්ධ තොරතුරු සහ උසස් තත්ත්වයෙන් යුතු වීඩියෝ පට භාවිතා කිරීමේ අවස්ථාව මෙන්ම ක්‍රිකට් පුහුණුකිරීම් පිළිබඳව වැඩිදුර දැනුමක් ලබා ගැනීමේ අවස්ථාව ද පුහුණුකරුවන්ට හිමි වෙයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ දක්ෂතා කේන්ද්‍රයේ පුහුණුකරුවන් විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති වීඩියෝ පට වලට අමතරව මානසික කුසලතා වැඩි දියුණු කිරීම, ක්‍රීඩාව පිළිබඳ හැඟීම් පුබුදු කිරීම, ක්‍රීඩක කේන්ද්‍රීය පුහුණුව සහ නිපුණතා සංවර්ධනය සම්බන්ධ වූ වීඩියෝ පට ද, වීඩියෝ පුස්තකාලයෙහි අන්තර්ගත කොට තිබේ. එම තොරතුරුවලට අමතරව අන්තර්ජාලය ඔස්සේ ලබාදෙන අධ්‍යාපන වැඩසටහන් සියල්ලද උසස් තත්ත්වයෙන් යුතුව ප්‍රතිසංස්කරණය කොට අන්තර්ගත කිරීමටද පුහුණුකරුවන්ගේ අධ්‍යාපන අංශය පියවර ගෙන තිබේ.
ක්‍රිකට් පුහුණුකරුවන් බොහෝ විට සිය නිවසින් බැහැරව සිටින බැවින්, මෙම අධ්‍යාපන යෙදුම තම ඩෙස්ක් ටොප් පරිගණකයේ, ටැබ් හෝ ජංගම දුරකතනය මගින්ද භාවිත කළ හැකි අයුරින් සකස් කර තිබේ. නිපුණතා සම්බන්ධ වීඩියෝ පට සහ පුහුණු සම්පත් ඇතුළත් පුහුණුකරණය සඳහා අවශ්‍ය දැනුම වැඩි කර ගැනීම වෙනුවෙන් වූ නව අන්තර්ගතයන් සෑම මාසයක් පාසාම මුදා හැරීමට පුහුණුකරුවන්ගේ අධ්‍යාපන අංශය කටයුතු යොදා තිබේ.
“ක්‍රිකට් ආයතනය යටතේ සේවය කරන පුහුණුකරුවන්ගේ දැනුම වර්ධනයට සහාය වීම සඳහා ක්‍රමෝපායන් සොයා යෑමේ ප්‍රතිඵලයක් ලෙසින් නිර්මාණය කර තිබෙන මෙම අධ්‍යාපන යෙදුම දියත් කිරීමට ලැබීම සතුටට කරුණක්. මෙම නව මෙවලමට පහසුවෙන් ප්‍රවේශවීමේ අවස්ථාව ඕනෑම අයකු සතුව පවතින අතර පුහුණුකරුවන්ට අවශ්‍ය තොරතුර හෝ වීඩියෝ පටය ඕනෑම ස්ථානයක සිට භාවිතා කිරීමේ අවස්ථාව හිමිවෙනවා” යැයි මේ පිළිබඳව කරුණු පැහැදිළි කර සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරුවන්ගේ අධ්‍යාපන අංශ ප්‍රධානී හේෂාන් ද මෙල් මහතා පැවසීය.
“මාස කීපයක් තුළ අපිට මෙම අන්තර්ජාල පුහුණු පුස්තකාලය පූර්ණ පරාසයක පුහුණුකරවීම් සම්බන්ධ වූ තොරතුරු ආවරණය වන පරිදි මෘදුකාංගයක් ලබාදීමට හැකිවීම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු අධ්‍යාපන අංශය හැටියට සතුටට පත් වෙනවා” යයිද හෙතෙම වැඩිදුරටත් පැවසීය.
ගුගල් ප්ලේස්ටෝ හරහා මෙම ‘පුහුණු අධ්‍යාපනික යෙදුම’ බාගත කරගත හැකිය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.