Last Update  :  2024-05-15 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ක්‍රිකට් ආයතන පිලේ නායකයා තිරිමාන්න

ක්‍රිකට් ආයතන පිලේ නායකයා තිරිමාන්න

Nisanka Sandeepani - 2018 ඔක් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක එංගලන්ත පිලට එරෙහිව එස්.සී.සී. ක්‍රීඩාංගණයේදී හෙට (30) ආරම්භ වන පළමු දෙදින පුහුණු තරගයට සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායමේ නායකයා ලෙස ජාතික කණ්ඩායමේ හිටපු උප නායකයකු වන ළහිරු තිරිමාන්න කටයුතු කරයි. 

මෙම තරගයට ටෙස්ට් සංචිතයට ඇතුළත්ව සිටින හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් ද ඇතුළත්ව සිටියි. ටෙස්ට් පිලේ ආරම්භක පිතිකරු කෞෂාල් සිල්වා සහ මැද පෙළ පිතිකරු රොෂේන් සිල්වා ද මෙම තරගයට ක්‍රීඩා කරති. 

දෙවැනි පුහුණු තරගය ලබන මස 1 සහ 2 දෙදින සී.සී.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අතර එම තරගයට සහභාගි වන සංචිතයට ඇන්ජලෝ මැතිව්ස් සහ සධීර සමරවික්‍රම ඇතුළත්ව නැත. ඒ වෙනුවට අවිෂ්ක ප්‍රනාන්දු සහ දුෂ්මන්ත චමීර සංචිතයට ඇතුළත්ව සිටිති. 

එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ලබන 6 වැනිදා ආරම්භ වීමට නියමිතය. 

පළමු පුහුණු තරගයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සංචිතය:
ළහිරු තිරිමාන්න (නායක), කෞෂාල් සිල්වා, සදීර සමරවික්‍රම, ඇන්ජලෝ මැතිව්ස්, චරිත් අසලංක, කමිඳු මෙන්ඩිස්, මනෝජ් සරත්චන්ද්‍ර, අෂාන් ප්‍රියංජන්, ජෙෆ්රි වැන්ඩසේ, කසුන් රාජිත, ළහිරු කුමාර, නිෂාන් පීරිස්, ෂෙහාන් මධුසංඛ, රොෂේන් සිල්වා සහ පැතුම් නිස්සංක

 

 


අදහස් (0)

ක්‍රිකට් ආයතන පිලේ නායකයා තිරිමාන්න

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.