ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ‘අයි’ නාලිකාව ඔස්සේ සජීවී ලෙස විකාශනය වේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වෙබ් අඩවිය, යූ ටියුබ් නාලිකාව, ෆේස් බුක් පිටුව සහ ජංගම දුරකථන යෙදවුම (ඇප්) ඔස්සේද මෙම තරගාවලියේ සජීවී විකාශනය දැක බලාගත හැකි අතර එය ඩයලොග් ටීවී නාලිකාවක් ඔස්සේද විකාශනය වේ.
ඊට සමගාමීව ‘රස එෆ්.එම්.’ නාලිකාව ඔස්සේ ක්‍රීඩා ලෝලීන්ට තරගාවලියේ සජීවී විස්තර විචාරයට සවන්දිය හැකි අතර 99.5 සහ 99.7 යන සංඛ්‍යාතයන් ඔස්සේ එම නාලිකාව සුසර කරගත හැකිය.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.