Last Update  :  2025-12-22 21:13:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ක්‍රිකට් කාපාළුවන්ට එරෙහිව අපරාධ නීතිය

ක්‍රිකට් කාපාළුවන්ට එරෙහිව අපරාධ නීතිය

Nisanka Sandeepani - 2018 මැයි මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ක්‍රිකට් ඔට්ටුකරුවන්ගේ ඕනෑ එපාකම් අනුව ගාල්ල ක්‍රීඩාංගණයේ තණතීරුව වෙනස් කළේ යයි ගම්‍ය වන පරිදි අල් ජසීරා රූපවාහිනී සේවයෙන් විකාශය කරන ලද වාර්තා වැඩසටහන සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන පළාත් පාලන හා ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා යම් පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් එම ක්‍රියාවට සම්බන්ධ වී ඇත්නම් ඔහුට එරෙහිව වහාම අපරාධ නීතිය යටතේ පියවර ගැනීම සඳහා අවශ්‍ය පැමිණිලි කළ යුතු යයි කියා සිටී. 

“අල් ජසීරා නාලිකාවේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සම්බන්ධයෙන් පළවූ වාර්තාව ඇසූ විට මා හට බලවත් කම්පනයක් හා ශෝකයක් ඇති විය”

“මා දන්නා පරිදි ශ්‍රී ලංකාවේ ඉතා ඉහල ස්ථානයක් ගන්නා ක්‍රීඩාව ක්‍රිකට් ක්‍රීඩාවයි. එය අප රටේ ජනතාවගේ සිත් දිනාගත් ක්‍රීඩාවයි. එම නිසා ක්‍රිකට් ක්‍රීඩාව, විශේෂයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව, සැකයකින් තොරව පැවැත්විය යුතුය යන්න මගේ අදහසයි”  යයි පැවසූ ඇමතිවරයා විසින් නිකුත් කරන ලද නිවේදනයේ පහත කරුණු තුන සටහන් වේ. 

1. යම් පුද්ගලයෙක් හෝ යම් කණ්ඩායමක් මෙම ක්‍රියාවට සම්බන්ධ වී ඇත්නම් ඔහුට එරෙහිව වහාම අපරාධ නීතිය යටතේ පියවර ගැනීම සඳහා අවශ්‍ය පැමිණිලි කළ යුතුය.

2. මෙම තණතීරුව සකස් කිරීමේ සිද්ධිය සම්බන්ධව ස්වාධීන පරීක්ෂණයක් පවත්වා එම සිද්ධිය සම්බන්ධව පළවූ වාර්ථාවේ සත්‍යතාවය තහවුරු කර ගැනීමට පියවර ගැනීමට කටයුතු කළ යුතුය. 

3. ඕනෑම සේවකයෙක් හෝ ඒජන්තවරයෙක් හෝ මේ සම්බන්ධව වරදකරුවෙක් ලෙස හඳුනාගන්නේ නම් ඔහු හට දඬුවම් පැමිණවීමට ක්‍රියා කළ යුතුය. 

 - 024

 

 


අදහස් (0)

ක්‍රිකට් කාපාළුවන්ට එරෙහිව අපරාධ නීතිය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.