ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායමේ හිටපු නායිකාව වූ බෙලින්ඩා ක්ලාක්, නවසීලන්ත පුහුණුකරු මයික් හෙසන් සහ ස්කොට්ලන්ත කණ්ඩායමේ නායක කයිල් කෝට්සර් වසර තුනක කාලයක් සඳහා අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ක්‍රිකට් කමිටුවට පත්කර ඇත.
මේ මස 28 සහ 29 දෙදින තුළ මුම්බායිහිදී පැවැත්වෙන වාර්ෂික කමිටු රැස්වීමේදී 2019 දී ආරම්භවීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් ශූරතා තරගාවලියේ ක්‍රීඩා කොන්දේසී පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතව ඇති අතර එහිදී කාසියේ වාසිය උරගා බැලීම සහ දිවා රාත්‍රී ටේස්ට් තරග පිළිබඳව ප්‍රධාන වශයෙන් සාකච්ඡා කෙරෙනු ඇත. මෙම සාකච්ඡාවලදී අන්තර්ජාතික ක්‍රිකට් සභා ක්‍රිකට් කමිටුවේ මතය බෙහෙවින් ඉවහල්වනු ඇත.
ක්ලේයාර් කෝනර් වසර තුනක සේවා කාළය සම්පූර්ණ කිරීම හේතුවෙන් ඇය වෙනුවට බෙලින්ඩා ක්ලාක් ක්‍රිකට් කමිටුව සඳහා පත්කෙරුණි.
දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලියෙන් අනතුරුව ඕස්ටේ්රලියානු ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ඩැරන් ලීමන් පුහුණුකරු ධූරයෙන් ඉවත්වීම හේතුවෙන් ක්‍රිකට් කමිටුවෙන්ද ඉවත්වීමට ඔහුට සිදුවිය. ඩැරන් ලීමන්ගේ ඉවත්වීමෙන් පුරප්පාඩුවූ කමිටු සාමාජිකත්වය සඳහා නවසීලන්ත පුහුණුකරු මයික් හෙසන් මහතා පත්විය.
පූර්ණ සාමාජිකත්වය හිමි නොවූ සාමාජික රටවල් සඳහා ලබාදී තිබූ කමිටු සාමාජිකයන් අතුරින් කෙවින් ඕ’බ්්රයන් නියෝජනය කළ අයර්ලන්තයට ටෙස්ට් වරම් හිමිවීමත් සමගින් කෙවින්ටද කමිටු සාමාජිකත්වය අහිමිව ගියේය. කෙවින් වෙනුවට ඔහුගේ අසල්වැසියා වූ ස්කොට්ලන්ත කණ්ඩායමේ නායක කයිල් කෝට්සර් ක්‍රිකට් කමිටුවට පත්ව සිටී.
අන්තර්ජාතික ක්‍රිකට් කමිටුවේ සාමාජිකයෝ
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.