Last Update  :  2026-01-02 20:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කමිඳු - චරිත් රිච්මන්ඞ් විදුහලට ජය ගෙනෙති

කමිඳු - චරිත් රිච්මන්ඞ් විදුහලට ජය ගෙනෙති

දිලිනි මල්රුක්ෂි - 2014 ජුනි මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කමිඳු මෙන්ඩිස්ගේ සහ චරිත් අසලංකගේ ශතක නිසා ‘සිංගර් කුසලාන’ අන්තර් පාසල් 17 න් පහළ සීමිත  ඕවර කි‍්‍රකට් තරගාවලියේ ගාල්ල රිච්මන්ඞ් විදුහල සහ අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල අතර පැවැති තරගයෙන් ලකුණු 137 ක පහසු ජයක් වාර්තා කිරීමට ගාල්ල රිච්මන්ඞ් විදුහල සමත්විය.

තරගය ජයගැනීම සඳහා ලකුණු 343 ක දැවැන්ත ඉලක්කයක් හඹාගිය ධර්මාශෝක විදුහලට නියමිත  ඕවර 50 අවසානයේ කඩුලූ 9 ක් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 205 ක් පමණි.

පළමුවෙන් පන්දුවට පහරදුන් රිච්මන්ඞ් විදුහල නියමිත  ඕවර 50 තුළ කඩුලූ 5 ක් දැවී ලකුණු 342 ක් රැුස්කළේය. එහිදී ශතක රැස්කළ කමිඳු මෙන්ඩිස් (නොදැවී 133) සහ චරිත් අසලංක (120) රිච්මන්ඞ් ඉනිම ශක්තිමත් කළහ.

රිච්මන්ඞ් විදුහල -  ඕවර 50 කදී කඩුලූ 5 කට 342
(කමිඳු මෙන්ඩිස් නොදැවී 133, චරිත් අසලංක 120, වනිඳු හසරංග 51, සචින් දිවාංගන 44/3)

ධර්මාශෝක විදුහල -  ඕවර 50 කදී කඩුලූ 9 කට 205
(කසුන් මධුරංග 51, හෂාන් චාමර 45, ඉසිවර චමිඳු 38/3, රමිඳු විෂ්මිත 34/2)

036


අදහස් (0)

කමිඳු - චරිත් රිච්මන්ඞ් විදුහලට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.