‘සිංගර් කුසලාන’ අන්තර් පාසල් 17 න් පහළ සීමිත ඕවර කි‍්‍රකට් තරගාවලියේ රාගම බැසිලිකා විදුහල සහ කටුනේරිය ශාන්ත සෙබස්තියන් විදුහල අතර පැවති II වැනි කාණ්ඩයේ තරගයෙන් ලකුණු 223 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට ශාන්ත සෙබස්තියන් විදුහල සමත්විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 301 ඉලක්කයක් හඹාගිය බැසිලිකා විදුහලේ පිතිකරුවන් සියලූ දෙනා ලකුණු 77 කට දැවී ගියේය. එහිදී ලකුණු 19 කට කඩුලූ 4 ක් දවාගත් ශාන්ත සෙබස්තියන් විදුහලේ ශෙරෝන් යොමාල් බැසිලිකා ඉනිම අඩපණ කළේය.
පළමුවෙන් පන්දුවට පහරදුන් ශාන්ත සෙබස්තියන් විදුහල සියලූ දෙනා දැවී ලකුණු 300 ක් ලබාගත් අතර රුසිත ගයාන් (78) අර්ධ ශතකයක් වාර්තා කරමින් එම ඉනිම ශක්තිමත් කළේය.
ශාන්ත සෙබස්තියන් විදුහල - ඕවර 44.5 කදී සියලූ දෙනා දැවී 300
(රුසිත ගයාන් 78, අසිත ප්‍රනාන්දු 48, රොෂේන් කි‍්‍රශාන්ත 39, නිමේෂ් ජයකොඩි 35, සුදේෂ් නිරෝෂන් 38/3, සුරේෂ් නිලන්ත 37/2, ලක්ෂාන් ඉසුරු 67/2)
බැසිලිකා විදුහල - ඕවර 24.4 කදී සියලූ දෙනා දැවී 77
(පැතුම් උදාර 24, ශෙරෝන් යොමාල් 19/4, රොෂේන් කි‍්‍රශාන්ත 6/2)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.