Last Update  :  2025-06-27 19:13:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කටුගස්තොට ශාන්ත අන්තෝනිට පළමු ඉනිමේ ජයක්
15 න් පහළ ක්‍රිකට්

කටුගස්තොට ශාන්ත අන්තෝනිට පළමු ඉනිමේ ජයක්

editorial - 2025 ජුනි මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රජන්ත බමුණුකොටුව)

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 15න් පහළ I වැනි කොටසේ  අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරගයකදී ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලැබීමට කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලය පසුගියදා සමත්විය.

මාතලේ මිණිපුර විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලය පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 118ක් රැස්කර ගත්තේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලයේ පළමු ඉනිමට සියල්ලන් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 159 කි. 


ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලය  පළමු ඉනිම - 118 යි
(නෙතුම් නිලසර 30, සචින් අයෝධ්‍ය 25, මනුක ප්‍රගීත් 20/4, කවීෂ බණ්ඩාර 11/2, සතිර දෙනුවන් 21/2)

කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලය - පළමු ඉනිම 159 යි
(මොහොමඩ් අනීක් 46, පමෝද සෙනෙවිරත්න 33, දිත්නාල් විජේතුංග 30/4, ලක්ෂිත විශ්ම 23/2, සචිත්‍ර කෝනාර 35/2 )


අදහස් (0)

කටුගස්තොට ශාන්ත අන්තෝනිට පළමු ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.