(රජන්ත බමුණුකොටුව)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 13න් පහළ පළමු කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලය සමත්විය.
බෝයගනේ විජයබා රෙජිමේන්තු ක්‍රීඩාංගණයේ පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයේදී කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලය විසින් කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් වාර්තා කරන ලදි.
මෙම තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට මෙවර කණ්ඩායම් 77 ක් කාණ්ඩ 11ක් යටතේ පළමු වටයේදී තරග වැදුණහ. කණ්ඩායම් 32ක් දෙවැනි වටයේ සිට පිළිමළුන් පිටුදැකීමේ ක්‍රමයට තරග වදිති
කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලය වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූ නායක සන්දිල් සෙනවිරත්න ලකුණු 65ක් රැස් කළේය.
කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලය - පළමු ඉනිම -ඕවර 50 කදී කඩුලු 9 ට 148 යි
(සන්දිල් සෙනවිරත්න 65, මෙතුප බණ්ඩාර 22, මොහොමඩ් ෆර්හාන් 20, එලීෂ ජයවර්ධන 31/4, අභීසෙස් පන්සිළු 30/3)
කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලය - පළමු ඉනිම ඕවර 36.3 කදී- 96 යි
(ජවීත් බණ්ඩාර 34, හිරුක අබේරත්න 19/3, ජනිරු බණ්ඩාර 21/3)

සන්දිල් සෙනවිරත්න
Nihal Amarakoon Friday, 16 January 2026 06:25 AM
ගොඩක් ආඩම්බරයි ... ඔයාලගේ ටීම් එක ගැන ... ඉදිරියටම යන්න... සුබ පැතුම්...
Reply 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.