Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කිරිඳිවැල ම.ම.වි. - ජයකොඩි විද්‍යාලය තරග වදිති

කිරිඳිවැල ම.ම.වි. - ජයකොඩි විද්‍යාලය තරග වදිති

සංජය එරමුදුගොඩ - 2016 අප්‍රේ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කිරිඳිවැල මධ්‍ය මහ විද්‍යාලය සහ කඩවත ජයකොඩි විද්‍යාලය අතර පැවැත්වෙන සිවුවැනි ‘සියනෑ සටන’ වාර්ෂික එක්දින ක‍්‍රිකට් තරගය අද (4) කටුනායක ආයෝජන කලාප ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මෙම විදුහල් අතර මේ දක්වා පැවැති තරග තුනෙන් කිරිඳිවැල මධ්‍ය මහ විද්‍යාලය තරග දෙකක් ජය ලබා ඉදිරියෙන් සිටින අතර ජයකොඩි විද්‍යාලය තරගයක් ජයගෙන සිටියි.

කිරිඳිවැල මධ්‍ය මහ විද්‍යාලය වයස 19 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ තරග කරන පාසලකි.

නායක තරිඳු ලක්ෂාන් මෙවර පාසල් තරගවාරයේදී ලකුණු 312 ක් ලබාසිටියි. තුන් ඉරියව් ක‍්‍රීඩක සමිත් හර්ෂිත වමතින් දඟ පන්දු යවමින් කඩුලූ 42 ක් සහ ලකුණු 362 ක් ලබා ඇත. කල්හාර ශාමින්ද ලකුණු 400 කඩ ඉම පසු කළ ක‍්‍රීඩකයෙකි.

දකුණතින් වේගපන්දු යවන සසිත් නිරුදික ලකුණු 34 ක් ලබා ගැනීමට සමත්ව තිබේ.

වයස 19 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ තරග වදින ජයකොඩි විද්‍යාලයීය කණ්ඩායමේ නායකයා ලෙස උදාර සම්පත් කටයුතු කරයි.

උපනායකත්වය දරන්නේ නවිඳු නිමේෂ්ය.


- 090

 


අදහස් (0)

කිරිඳිවැල ම.ම.වි. - ජයකොඩි විද්‍යාලය තරග වදිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.