Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මෙල්බර්න් කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී ඉන්දියාවට එරෙහිව හෙට (26 වැනිදා) ආරම්භ වන ටෙස්ට් තරගයේදී රයාන් හැරිස් ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමට නැවතත් එක්වීමට සූදානමින් සිටී. රයාන් හැරිස් කණ්ඩායමට එක්වීමට සූදානම් වන අතරේ තවත් කෝඩුකාරයකු වන ජෝ බර්න්ස් මැද පෙළ පිතිහරඹයට කැඳවීමට ඕස්ටේ‍්‍රලියානු නායකයා සැරසෙයි.
මයිකල් ක්ලාක් පිටකොන්දේ ආබාධයකට ලක්වීම නිසා ඕස්ටේ‍්‍රලියානු නායකත්වයේ බර කරට ගත් ස්ටීවන් ස්මිත්, බි‍්‍රස්බේන්හි ගැබා පිටියේදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී කඩුුලූ 4 ක ජයක් කරා තම පිල කැඳවාගෙන ගියේය. රයාන් හැරිස්ගේ ආගමනය තහවුරු කරමින් ස්මිත් කියා සිටියේ මිචෙල් ස්ටාක්ගේ ස්ථානයට හැරිස් පැමිණෙනු ඇති බවයි.
තුවාල ලබා සිටින මිචෙල් මාෂ්ගේ ස්ථානය වෙනුවෙන් පිතිකරු ලයිස්තුවේ අංක 1 සිට 6 දක්වා ඕනෑම තැනකින් පන්දුවට පහර දීමට හැකියාව ඇති 25 හැවිරිදි ජෝ බර්න්ස් කී‍්‍රඩා කරනු ඇත.
ඉන්දියාවට එරෙහිව මෙතෙක් පැවැති ටෙස්ට් තරග දෙකේදීම ලකුණු 14, 33, 25 සහ 0 කට දැවී ගොස් සිටින නමුත් අංක 3 පිතිකරුවා වශයෙන් ෂේන් වොට්සන්ම තෝරාගැනීමට ඕස්ටේ‍්‍රලියානු තේරීම්කමිටුව තීරණය කර තිබේ.
”ෂේන් වොට්සන් වඩාත් ප‍්‍රයෝජනවත් වන්නේ පිතිකරු ලයිස්තුවේ ඉහළින්. ජෝ අංක 6 ස්ථානයේ කී‍්‍රඩා කරාවි”
”මිචෙල් ගැන කණගාටුයි. ඒත් බොක්සිං දින ටෙස්ට් තරගයේ අවස්ථාව ජෝට ලැබේවි” යයිද ස්ටීවන් ස්මිත් පැවසීය.
පසුගිය සතියේ විවිධ ශාරීරික ආබාධයන්ට ලක්වූ ඬේවිඞ් වෝනර්, ෂේන් වොට්සන් සහ ෂෝන් මාෂ් තිදෙනාම මෙල්බර්න් ටෙස්ට් තරගය සඳහා සූදානමින් සිටින බව වෛද්‍යවරු නිර්දේශ කරති. වොට්සන් සහ මාෂ් දෙදෙනාම පුහුණුවීම් කරමින් සිටියදී පන්දුව වැදීමෙන් තුවාල ලත් අතර ගැබා ටෙස්ට් තරගයේදී ඬේවිඞ් වෝනර්ගේ මහපට ඇගිල්ලේ පන්දුව වැදිණ.
තරග 4 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේදී ඇඩිලේඞ් සහ බි‍්‍රස්බේන්හි පැවැති තරග දෙකම ජයගැනීමට ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම සමත්ව සිටින අතර මෙල්බර්න් ටෙස්ට් තරගය ජයගතහොත් ඉන්දියාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ ශූරයන්ට හිමින ‘බෝඩර් - ගවස්කාර්’ කුසලානය ඕස්ටේ‍්‍රලියානුවන් සතුවනු ඇත.
ඉතිහාස වාර්තා වලින් කියැවෙන්නේ පසුගිය වසර 23 ක කාලයේදී මෙල්බර්න් කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී ඉන්දියාව සහභාගි වූ ටෙස්ට් තරග 5 ම පරාජය වී ඇති බවයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.