Last Update  :  2026-02-02 18:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඕස්ට්‍රේලියානු යෞවනයෝ අවසන් පූර්ව වටයට

ඕස්ට්‍රේලියානු යෞවනයෝ අවසන් පූර්ව වටයට

editorial - 2026 ජන මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සිම්බාබ්වේදී සහ නැමීබියාවේදී පැවැත්වෙන වයස 19 න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ ස්ථානයක් වෙන්කරවා ගැනීමට ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායම පෙරේදා (28 වැනිදා) සමත් විය. ඒ සුපිරි 6 දෙනාගේ වටයේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ලකුණු 22 ක ජයක් වාර්තා කරමිනි. 

මූලික වටයේදී ‘ඒ’ කාණ්ඩය යටතේ තරග වැදුණු ඕස්ට්‍රේලියානු යෞවනයෝ, ශ්‍රී ලංකාව, අයර්ලන්තය සහ ජපානය පරාජය කරමින් අපරාජිතව සුපිරි 6 දෙනාගේ වටයට සුදුසුකම් ලැබීය. ඔවුන් කල්තියාම අවසන් පූර්ව වටයට පිවිසියේදී සුපිරි 6 දෙනාගේ වටයේදී දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන් පරාජය කරමිනි. 

ඒ අනුව සුපිරි 6 දෙනාගේ වටයේ පළමු කාණ්ඩයෙන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබිය හැක්කේ තවත් එක් කණ්ඩායමකට පමණක් වන අතර එම ස්ථානය සඳහා ඇෆ්ඝනිස්ථානය, ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් තුන් කොන් සටනක නිරතව සිටියි. එම කාණ්ඩය යටතේ තරග වදින දකුණු අප්‍රිකාව සහ අයර්ලන්තය මේ වන විටත් තරගාවලියෙන් ඉවතට විසිවී හමාරය.

සුපිරි 6 දෙනාගේ වටයේ දෙවැනි කාණ්ඩයෙන් තවමත් කිසිදු කණ්ඩායමක් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා නොමැති අතර ඉන්දියාව සහ එංගලන්තය ලකුණු 6 බැගින් ලබා එහි පළමු සහ දෙවැනි ස්ථානවල රැදී සිටියි. පාකිස්තානය ලකුණු 4 ක් ලබා තෙවැනි ස්ථානයේ පසුවන අතර සෙසු කණ්ඩායම් වන බංග්ලාදේශය, නවසීලන්තය සහ සිම්බාබ්වේ මේ වන විටත් තරගාවලියෙන් ඉවතට විසි වී ඇත. 

-036 


අදහස් (0)

ඕස්ට්‍රේලියානු යෞවනයෝ අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.