Last Update  :  2025-08-14 18:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ පොන්ටිංගේ පිල සමකරති

ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ පොන්ටිංගේ පිල සමකරති

editorial - 2020 ඔක් මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නවසීලන්තයට එරෙහිව පැවැති තුන්වැනි එක්දින තරගයේදී ලකුණු 232 ක ජයක් ලබාගත් ඕස්ටේ්‍රලියානු ක්‍රීඩිකාවෝ වසර 2003 දී රිකී පොන්ටිංගේ නායකත්වය යටතේ ඕස්ටේ්‍රලියානු පිරිමි කණ්ඩායම තබා තිබූ වාර්තාවක් සමකළහ. වසර 2003 දී රිකී පොන්ටිංගේ නායකත්වය යටතේ තරග කළ ඕස්ටේ්‍රලියානු කණ්ඩායම එක්දින තරග 21 ක් ජයග්‍රහණ කරමින් පිහිටවූ ලෝක වාර්තාව අදටත් පවතී. 

එම ජයග්‍රහණයත් සමගින් තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 3-0 ක් ලෙස ඕස්ටේ්‍රලියාව ජයගත් අතර මින් පෙර ඉන්දියාව, පාකිස්තානය, නවසීලන්තය, එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, ශ්‍රී ලංකාව යන රටවල් වලට එරෙහිව පැවැති තරගාවලි 3-0 ක් ලෙස ජයගැනීමට ඕස්ටේ්‍රලියානු ක්‍රීඩිකාවෝ සමත් වූහ. 2018 මාර්තු 12 වැනිදා සිට 2020 ඔක්තෝබර් 7 වැනිදා දක්වා තරග 21 කට සහභාගිවී ඇති ඕස්ටේ්‍රලියාව මෙම කාල සීමාව තුල නවසීලන්තය සමගින් තරගාවලි දෙකට සහභාගිවී ඇත.

ඕස්ටේ්‍රලියානු නායිකා මෙග් ලැනින් ලෝක වාර්තාව සම කිරීම විශේෂ ජයග්‍රහණයක් බව තරඟයෙන් පසුව පැවසුවාය.

“එය සැබවින්ම විශේෂ උත්සාහයක්, විශේෂයෙන් දීර්ඝ කාලයක් තිස්සේ පැවැති ලෝක වාර්තාවක් සම කරන්න ලැබීම” යැයි මෙග් ලැනින් පැවසුවාය.

තරග 21 ක් දිනා ගැනීම ඇත්තෙන්ම ආඩම්බරයට කරුණක්. අපි තරගාවලිය අතුගා දැමූ ආකාරය අපට විශාල සතුටක් ගෙන දුන්නා යැයි ඇය වැඩිදුරටත් පැවසුවාය.

මෙම ජයග්‍රහණයත් සමගින් ඔස්ටේ්‍රලියාවට 5-1 ක සමස්ත තරග ජයග්‍රහණයක් ලබා දුන් අතර නවසීලන්ත ක්‍රීඩිකාවෝ සැප්තැම්බර් 30 වනදා පැවැති තෙවැනි විස්සයි 20 තරගය දිනා ගත්හ.

ලැනින් වෙනුවට බදාදා පැවැති තරගයේදී නායිකාව ලෙස කටයුතු කළ රැචෙල් හේන්ස්, තරගාවලිය තුලදී වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස්කරමින් තරගාවලියේ දක්ෂතම ක්‍රිඩිකාව ලෙස සම්මාන දිනාගත්තාය.

තරගය ආරම්භයේදී නවසීලන්තය හොඳින් පන්දු යැව්වා. ක්‍රිඩා පිටියේ ඇති විශිෂ්ටතම දෙය නම් ඔබට වැඩි කාලයක් ක්‍රීඩා පිටිය තුල ගත කිරීමට හැකිවීමයි.

“අවසානයේදී අපට ජයග්‍රාහී වේදිකාවක් සකස්කර ගැනීමට හැකිවීම සතුටක්” යැයි රැචෙල් හේන්ස් පැවසුවාය

 


අදහස් (0)

ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ පොන්ටිංගේ පිල සමකරති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.