Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සිව් දෙනෙකුගෙන් යුත් ක්‍රිකට් තාක්ෂණික උපදේශක කමිටුවට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් සිව් දෙනකු පත්කරන ලදි. අරවින්ද ද සිල්වා මහතා එහි සභාපතිවරයා වන අතර කුමාර් සංගක්කාර, මුත්තයියා මුරලිදරන් සහ රොෂාන් මහානාම එහි සෙසු සාමාජිකයෝ වෙති.
මෙම කමිටුවේ ප්‍රධානියා වශයෙන් අරවින්ද ද සිල්වා පත්කර ගැනීමත්, කුමාර් සංගක්කාරද ඊට ඈඳා ගැනීමත් එක අතකින් බලන කල්හි ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ මහතාගේ සහෘද කැබිනට් අමාත්‍ය මහින්දනන්ද අළුත්ගමගේට ගැසූ අතුල් පහරක් වැනිය. මෙම කමිටුවේ අය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රිකට් කමිටුවටද අනුයුක්ත කර ඇත්තේ ක්‍රීඩා ඇමතිවරයාගේ නියෝගය පරිදිය.
2011 ජුනි මාසයේදී ක්‍රීඩා ඇමතිවරයා ලෙස කටයුතු කරමින් සිටි මහින්දානන්ද අළුත්ගමගේ මහතා පසුගිය වසරේ මැද භාගයේදී ප්‍රසිද්ධියේම කියා සිටියේ 2011 ඉන්දියාව සමඟ මුම්බායි හි පැවති ලෝක කුසලාන අවසන් මහා තරගය ශ්‍රී ලංකාව විසින් පාවාදෙන ලද බවයි. ඇමතිවරයා විසින් කිසිවෙකු නම් නොකරන ලද නමුත් ඔහු හිටපු තේරීම් කමිටු ප්‍රධානියා වූ අරවින්ද ද සිල්වා වෙත අනියම් අයුරින් පහර දුන් බව පැහැදිලිය.
කුමාර් සංගක්කාර 2021 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා විය. මුත්තයියා මුරලිදරන්ද මුම්බායිහිදී පැවැති අවසන් මහ තරගයේදී ක්‍රීඩා කළේය.
මෙම අභූත චෝදනාව සම්බන්ධයෙන් අරවින්ද සහ සංගක්කාර යන දෙදෙනාම ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලා සිටියහ. සාක්ෂි නොමැතිවීම හේතුවෙන් ක්‍රීඩා දූෂණ සම්බන්ධයෙන් විශේෂ පොලිස් විමර්ශන ඒකකය නඩුව ‘අතහැර දැමූහ. අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ විරෝධී ඒකකය (අයිසීයූ) පරීක්ෂණයක් පැවැත්වීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි සොයා ගත්තේ නැත. කෙසේ වෙතත්, නඩුව අවසන් කරන්නේද නැතහොත් ඉදිරියට ගෙනයන්නේද යන්න සම්බන්ධයෙන් රජයේ නීති විශාරදයන් තවමත් නිශ්චිත අදහසක් ඉදිරිපත් කර නොමැත.
ක්‍රිකට් සම්බන්ධ සියලු කරුණු පිළිබඳව අමාත්‍යවරයාට උපදෙස් දීම සඳහා අරවින්ද සහ කුමර් සංගක්කාර දෙදෙනාම ඉහළ පෙළේ කමිටුවකට පත් කිරීම යනු ක්‍රීඩා ඇමතිවරයා විසින් මහින්දානන්ද අලූත්ගමගේ මහතාගේ චෝදනා අවඥාවෙන් යුතුව බැහැර කරනු ලබන බව මිස අනෙකක් නොවේ. අනෙක් අතට මෙම නව කමිටුව පත්කර ඇත්තේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව තියුනු ලෙස පසුබෑමකට ලක්ව ඇති අවස්ථාවකදීය. එබැවින් ඔවුන් ක්‍රිකට් සම්බන්ධ සියලු කටයුතු අධීක්ෂණය කරනු ඇති අතර, බිම් මට්ටමේ සිට ක්‍රිකට් ප්‍රතිව්‍යුහගත කිරීම දක්වා උපදෙස් දීම සහ සැලසුම් කිරීමත් නව කමිටුව හමුවේ ඇති කාර්යභාරයයි.
“අපි ක්‍රිකට් ක්‍රීඩාවේ සියලුම අංශ දෙස බලා ක්‍රීඩාවේ ප්‍රමිතිය වඩාත් ඉහළ තත්ත්වයකට ගෙන ඒම සඳහා සැලසුම් සකස් කරනවා” යැයි අරවින්ද ද සිල්වා සන්ඩේ ටයිම්ස් පුවත්පතට පැවසීය.
“පළමු පන්තියේ තරග වගේම බිම් මට්ටමේ සිට ක්‍රීඩාව ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳවත් අපි අවධානය යොමු කරනවා. ඒ වගේම ක්‍රීඩාවේ ප්‍රමිතිය වැඩි දියුණු කිරීම සඳහා අපි මධ්‍යම කාලීන සහ කෙටිකාලීන සැලැස්මක් සකස් කරනවා ” යයිද අරවින්ද ද සිල්වා මහතා පැවසීය.
වසර ගණනාවක්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපතිවරයකු මෙන්ම තේරීම් කමිටු සභාපතිවරයකු ලෙස කටයුතු කළ අරවින්ද ද සිල්වා මහතා 2017 සිට ක්‍රිකට් පරිපාලනයෙන් ඈත්ව සිටී.
කුමාර් සංගක්කාරද කෙටි කලක් ජාතික තේරීම් කමිටුවේ කටයුතු කළේය. එහෙත් පසුව එයින් ඉවත් විය. මේ වන විට එංගලන්තයේ මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ (ක්‍රිකට් ක්‍රීඩාවේ නීති රීති සම්පාදනය සහ අනුමැතිය සම්බන්ධයෙන් නිසි බලය හිමි ලෝකයේ එකම ක්‍රිකට් සමාජය) සභාපතිවරයා ලෙසින් සංගක්කාර මහතා කටයුතු කරයි. වසර 232 ක ඉතිහාසයක් ඇති මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ සභාපති තනතුරට පත්වූ, ඉංග්‍රීසි ජාතිකයකු නොවන පළමු තැනැත්තා වන්නේද සංගක්කාර මහතාය.
රොෂාන් මහානාම මහතා වසර ගණනාවකට පෙර අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ කීර්තිමත් තරග තීරකවරයකු ලෙසින් කටයුතු කළ අතර වසර දෙකකට පමණ ඉහතදී එයින් ඉවත් විය. වත්මන් රජය බලයට පත්වූ වහාම දියගම ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදිකිරීමට යාම සම්බන්ධයෙන් දැඩි සේ විරෝධය දැක්වූ මහානාම මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයන් කියා සිටියේ ක්‍රිකට් ක්‍රීඩාංගණ හදනවාට වඩා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් කරන්නට තව බොහෝ දේ ඇති බවයි. මහානාම මහතා වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ පවතින දූෂිත තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සේ විරෝධය දැක්වූ අයෙක් විය.
ටෙස්ට් ක්‍රිකට් පිටියේ වැඩිම කඩුලු ලබා ගත් ක්‍රීඩකයා ලෙස විශ්‍රාම ගිය මුත්තයියා මුරලිදරන් විශ්‍රාම යාමෙන් පසුව අවස්ථා කිහිපයකදීම ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් වැදගත් අදහස් ප්‍රකාශ කළ නමුත් ක්‍රියාකාරීව ඉදිරිපත් නොවූයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ පරිපාලන ව්‍යූහය සම්බන්ධයෙන් තිබූ අප්‍රසාදය හේතුවෙන් බව රහසක් නොවේ. මුරලිදරන් මහතා මේ වන විට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩා කරන සන්රයිසස් හයිද්‍රාබාද් පිලේ පන්දු යැවීමේ උපදේශකවරයකු ලෙස කටයුතු කරමින් සිටී.
ද සන්ඩේ ටයිම්ස් ඇසුරිනි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.