Last Update  :  2025-12-22 17:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket එල්.බී, ජෝන් කීල්ස් සහ කොමර්ෂල් ක්‍රෙඩිට් ජය ලබති

එල්.බී, ජෝන් කීල්ස් සහ කොමර්ෂල් ක්‍රෙඩිට් ජය ලබති

සංජය එරමුදුගොඩ - 2018 සැප් මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වෙළඳ සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ කොටසේ තරග 3 ක් අද (15 වැනිදා) පැවැති අතර ඉන් ජය ගැනීමට එල්.බී.ෆිනෑන්ස්, ජෝන් කීල්ස් සහ කොමර්ෂල් ක්‍රෙඩිට් යන කණ්ඩායම් සමත්වූහ.

කටුනායක මේරියන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී සම්පත් බැංකු පිලට එරෙහිව ලකුණු 155 ක ජයක් හිමිකර ගැනීමට එල්.බී.ෆිනෑන්ස් පිල සමත්වූ අතර මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී කැන්රිච් ෆිනෑන්ස් පිල ලකුණු 186 කින් පරාජය කිරීමට ජෝන් කීල්ස් පිල සමත්විය. මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී පැවැති අනෙක් තරගයේදී මාස් සිලුඒටා පිල කඩුලු 8 කින් පරාජය කිරීමට කොමර්ෂල් ක්‍රෙඩිට් පිල සමත්විය.

තරගාවලිය ආරම්භ කරමින් ජෝන් කීල්ස් පිල ලකුණු 400 සීමාව පසුකිරීමට සමත්වූ අතර එල්.බී.ෆිනෑන්ස් පිල ලකුණු 375 සීමාවට ලඟා විය.

එල්.බී.ෆිනෑන්ස් පිලේ සධීර සමරවික්‍රම (121) සහ ඇන්ජලෝ පෙරේරා (නොදැවී 105), ජෝන් කීල්ස් පිලේ ළහිරු මිලන්ත (114) ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූහ.

ඊට අමතරව එල්.බී.ෆිනෑන්ස් පිලේ ඉසුරු උදාන (නොදැවී 82) සහ, චරිත් අසලංක (50), සම්පත් බැංකු පිලේ හසන්ත ප්‍රනාන්දු (65), ජෝන් කීල්ස් පිලේ භානුක රාජපක්ෂ 71 සහ ඉෂාන් ජයරත්න 62, කැන්රිච් ෆිනෑන්ස් පිලේ පැතුම් නිස්සංක (62), කොමර්ෂල් ක්‍රෙඩිට් පිලේ සඳුන් වීරක්කොඩි (නොදැවී 80) අර්ධ ශතක ලබාගැනීමට සමත්වූහ.


එල්.බී.ෆිනෑන්ස් පිලට ලකුණු 155 ක ජයක්
එල්.බී.ෆිනෑන්ස් - ඕවර 50 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 375
(සධීර සමරවික්‍රම 121, ඇන්ජලෝ පෙරේරා නොදැවී 105, ඉසුරු උදාන නොදැවී 82, චරිත් අසලංක 50)
සම්පත් බැංකුව  - ඕවර 50  කදී කඩුලු 9 ක් දැවී ලකුණු 220
(හසන්ත ප්‍රනාන්දු 65, රොමේෂ් බුද්ධික 41, තරිඳු කෞෂාල් 39, කෞෂාල් සිල්වා 24, චතුරංග කුමාර 24/3, චරිත් සුධාරක 25/3, චරිත් අසලංක 30/2)


ජෝන් කීල්ස් පිලට ලකුණු 186 ක ජයක්
ජෝන් කීල්ස් - ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 402
(ළහිරු මිලන්ත 114, ඉෂාන් ජයරත්න 62, මදුක ලියනපතිරණගේ නොදැවී 38, මනෝජ් සරත්චන්ද්‍ර 46, භානුක රාජපක්ෂ 71, සහන් විජේරත්න 46/2)
කැන්රිච් ෆිනෑන්ස්  - ඕවර 50  කදී කඩුලු 6 ක් දැවී ලකුණු 216
(පැතුම් නිස්සංක 62, සහන් විජේරත්න 49, විශ්ව දීමන්ත නොදැවී 40, ඕසද ප්‍රනාන්දු 36, භානුක රාජපක්ෂ 27/2, මදුක ලියනපතිරණගේ 41/2)


කොමර්ෂල් ක්‍රෙඩිට් පිලට කඩුලු 8 ක ජයක්
මාස් සිලුඒටා - ඕවර 31.1 කදී සියලුදෙනා දැවී ලකුණු 131
(ඉරෝෂ් සමරසූරිය 29, නිමන්ද සුබසිංහ 28, අසිත ප්‍රනාන්දු 26/3 මාලින්ද පුෂ්පකුමාර 23/2, සුරාජ් රංදීව් 12/2, වනිඳු හසරංග 18/2)
කොමර්ෂල් ක්‍රෙඩිට්  - ඕවර 15.5  කදී කඩුලු 2 ක් දැවී ලකුණු 134
(සඳුන් වීරක්කොඩි නොදැවී 80, දිල්ෂාන් මුණවීර 31)

 


අදහස් (0)

එල්.බී, ජෝන් කීල්ස් සහ කොමර්ෂල් ක්‍රෙඩිට් ජය ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.