Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket එල්.පී.එල්. වෙන්දේසියට ඉල්ලූම්පත් 677 ක්

එල්.පී.එල්. වෙන්දේසියට ඉල්ලූම්පත් 677 ක්

editorial - 2021 ඔක් මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලංකා ප‍්‍රිමියර් ලීගයේ දෙවැනි තරගාවලිය සඳහා මේ වන විට ලොව පුරා ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් 677 දෙනෙකු ක‍්‍රීඩක වෙන්දේසියට ලියාපදිංචි වී ඇති බව වාර්තා වේ.

ක‍්‍රීඩක වෙන්දේසිය සඳහා  ලියාපදිංචිය පසුගිය 5 වැනිදා අවසන්වීමට නියමිතය තිබුණද පසුව එය 7 වැනිදා දක්වා දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පියවර ගත්තේය.

විස්සයි20 තරග සඳහාම නමක් දිනාගෙන ඇති ලෝක මට්ටමේ ක‍්‍රීඩකයින් වන ඔන්ඩි‍්‍ර රසල්, ඩේවිඩ් මැලන්, ක‍්‍රිස් ගේල්, ෆෆ් ඩු ප්ලෙසිස්, ෂහිඩ් අෆ්රිඩි, ෂොයිබ් මලික් ඇතුළු තවත් බොහෝ ක‍්‍රීඩකයන් වෙන්දේසිය සඳහා ලියාපදිංචි වී සිටිති.
 
මේ වසරේ ජූලි-අගෝස්තු මාසවලදී මෙවර ලංකා ප‍්‍රිමියර් ලීග් තරඟාවලිය පැවැත්වීමට නියමිතව තිබූ නමුත් විදේශීය ක‍්‍රීඩකයින් නොමැති වීම සහ ඒ වනවිට රටතුල පැවැති කොරෝනා රැල්ල හේතුවෙන් එය කල්දමන ලදි. එංගලන්තයේ පැවැති ‘ද හන්ඩ‍්‍රඩ්’ හෙවත් පන්දු 100 තරගාවලිය සහ කැරිබියන් ප‍්‍රිමියර් ලීගය ද එම කාලය තුළ පැවැත්වීමට නියමිතව තිබීමද තරගාවලිය කල් දැමීමට ප‍්‍රධාන වශයෙන් බලපෑවේය.

ලංකා ප‍්‍රිමියර් ලීග් ආරම්භක තරගාවලියේදී කණ්ඩායම් පහක් තරග වැදුණු අතර ජූනි මාසයේදී කොළඹ කිංග්ස් සහ දඹුල්ල වයිකින්ස් යන කණ්ඩායම් දෙක සහ ජූලි මාසයේදී යාපනය ස්ටැලියන්ස් කණ්ඩායමද මූල්‍ය ගැටලූ හේතුවෙන් තරගාවලියෙන් ඉවත් කිරීමට අයි.ජී.පී සහ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පියවර ගත්තේය.

කොළඹ කණ්ඩායම මුර්ෆාඩ් මුස්තාෆාට අයත් ෆාසා සමූහයටත්, දඹුල්ල කණ්ඩායම කමාර් ඛාන්ට අයත් හම්රෝ පදනමටත්, යාපනය කණ්ඩායම සුබාස්කරන් අලීරාජාට අයත් ලයිකා සමූහයටත් හිමිවූහ. කොළඹ කණ්ඩායමේ පෙර පැවැති නම වූ කලම්බූ කිංග්ස් ඒ ලෙසටම පවතින නමුත්, දඹුල්ල කණ්ඩායම දඹුල්ල ජයන්ට්ස් ලෙසත්, යාපනය කණ්ඩායම ජැෆ්නා කිංග්ස් ලෙසත් වෙනස් කර ඇත.

ලංකා ප‍්‍රිමියර් ලීගයේ දෙවැනි තරගාවලියට ආදාල ක‍්‍රීඩක වෙන්දේසීය මේ මස 29 වැනිදා පැවැත්වීමට නියමිත බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය නිවේදනය කර තිබේ.

තරග 23 කින් සමන්විත ලංකා ප‍්‍රීමියර් ලීග් තරගාවලිය දෙසැම්බර් 4 දා ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර සියලූම තරඟ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ. අවසන් මහ තරගය දෙසැම්බර් 23 වැනි දා පැවැත්වේ.

- 2079

 


අදහස් (0)

එල්.පී.එල්. වෙන්දේසියට ඉල්ලූම්පත් 677 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.