Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket එල්.පී.එල්. ක්‍රීඩක ලියාපදිංචිය හෙට සිට

එල්.පී.එල්. ක්‍රීඩක ලියාපදිංචිය හෙට සිට

editorial - 2021 ජුනි මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දෙවැනි වරට පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්) තරගාවලියේ ක්‍රීඩක ලියාපදිංචිය හෙට (ජූනි 21) සිට ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

රට තුළ කොරෝනා රෝගීන්ගේ ව්‍යාප්තිය හේතුවෙන් තරඟාවලිය කල් දැමීමට සිදුවනු ඇතැයි යන බිය දුරු කරමින් සැලසුම් කර ඇති පරිදි, ජුලි 30 සිට අගෝස්තු 22 දක්වා, තරඟාවලියේ දෙවන අදියර පවත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෑතකදී නිවේදනය කළේය. අර්ධ වශයෙන් අගුලු දමා තිබියදීත්, තරඟාවලිය කල්දැමීමේ භීතිය වැඩි කරමින් ශ්‍රී ලංකාව තුල දිනපතා රෝගීන් 2000 ක් ඉක්මවා වාර්තා වූ නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එය නියමිත වේලාවට පැවැත්වීමට සැලසුම් සකස් කරමින් සිටී.

“අපි සැලසුම් කළ පරිදි තරඟාවලිය ඉදිරියට ගෙන යනවා. එය කල් දැමීමට විවිධ අංශවලින් විවිධ යෝජනා ඉදිරිපත් වූ නමුත් අපි එයට එකඟවුනේ නෑ. කණ්ඩායම් හිමිකරුවන්ගේ සහ අනුග්‍රාහකයන්ගේ විශ්වාසය දිනා ගැනීම සඳහා තරඟාවලිය අඛණ්ඩව පැවැත්විය යුතුයි” යැයි පළමු තරගාවලියේ අධ්‍යක්ෂක ලෙස කටයුතු කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති රවින් වික්‍රමරත්න මහතා පැවසීය.

මේ වසරේ පැවැත්වීමට නියමිත තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තවමත් තරග අධ්‍යක්ෂවරයකු පත් කර නොමැති නමුත් තරඟාවලිය මෙහෙයවීම සඳහා කමිටුවක් පත්කිරීම පිළිබඳව ක්‍රීඩා අමාත්‍යවරයා සූදානමින් සිටියේය.

“අපි හෙට (21 වැනිදා) සිට ක්‍රීඩක ලියාපදිංචිය ආරම්භක කරනවා. එය ජුනි 28 දක්වා විවෘතව පවතිනවා. ක්‍රීඩකයින්ට අන්තර්ජාලය ඔස්සේ ලියාපදිංචි වෙන්න පුලුවන්. ඉන්පසු, බොහෝ විට ජූලි පළමු සතිය තුළ අපට ක්‍රීඩක වෙන්දේසීය පැවැත්වීමට පුලුවන් වෙයි” යැයි වික්‍රමරත්න මහතා පැහැදිලි කළේය.

සෑම තරගාවලියක් සඳහාම ඩොලර් මිලියන 2 කට ආසන්න මුදලක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ගෙවීමට එකඟ වීමෙන් පසුව ඩුබායි හි මූලස්ථානය පිහිටි අයි.පී.ජී සමාගමට තරඟාවලියේ කළමනාකරණ අයිතිය හිමිව තිබේ. කණ්ඩායම් හිමිකරුවන්ගේ ගෙවීම් සහ අනුග්‍රාහකත්වයෙන් අයි.පී.ජී ආයතනය ඩොලර් 600,000 ක් පමණ උපයා ගනු ඇත. කෙසේ වෙතත් පසුගිය තරගාවලියේදී කණ්ඩායම් වල හිමිකාරීත්වය දැරූ සමාගම් සහ පුද්ගලයන් මෙවර තරගාවලියටත් ඉදිරිපත්වීම පිළිබඳව තවමත් නිශ්චිතව කීමට නොහැකි බවත් ඔවුන් සමගින් අයි.පී.ජී ආයතනය සාකච්ඡා කරන බවත් වික්‍රමරත්න මහතා පැවසීය.

“ගාල්ල සහ යාපනය කණ්ඩායම් හිමිකරුවන් තරගාවලියට එක්වීමේ බලාපොරොත්තුවෙන් පසුවන අතර සෙසු අයිතිකරුවන් ද මේ වසරේදීත් අප සමග එක්වනු ඇතැයි අපට විශ්වාසයි. කෙසේ වෙතත් එහි වගකීම  අයි.පී.ජී ආයතනයට පවතින අතර පසුගිය වසරේදී මෙන් තරගාවලිය සාර්ථකව පැවැත්වීම සඳහා සියලු විධිවිධාන යෙදවීමට අපි උත්සාහ කරනවා” යයිද වික්‍රමරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

ගාල්ල සහ යාපනය කණ්ඩායම් වලට අමතරව කණ්ඩායම් පහකින් සමන්විත තරගාවලියට එක්වන සෙසු කණ්ඩායම් තුන වනුයේ මහනුවර, දඹුල්ල සහ කොළඹ කණ්ඩායම්ය. පසුගිය වසරේදී මෙන් මෙවරත් හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී සියලුම තරග ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

“මුලදී, අපි ක්‍රීඩාංගණ තුනක් භාවිතා කිරීමට සිතුවා, නමුත් වර්තමාන තත්වය අනුව, අපට සියලුම තරග හම්බන්තොට දී පැවැත්වීමට සිදුවෙනවා. සියලුම කණ්ඩායම් ජෛව බුබුළු තුළ පවත්වාගෙන යා යුතු නිසා සෑම අතින්ම අපට එහිදී තරඟාවලිය පැවැත්වීම පහසුයි” ඔහු වැඩිදුරටත් පැහැදිලි කළේය.

පසුගිය වසරේ පැවැති ආරම්භක තරගාවලිය ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම් විසින් දිනා ගන්නා ලදි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අනුව රූපවාහිනි සහ අනෙකුත් ඩිජිටල් සම්බන්ධතා මගින් ජැෆ්නා ස්ටැලියන්ස් සහ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම් අතර අවසන් මහා තරගය මිලියන 135 කට අධික ප්‍රේක්‍ෂකයන් පිරිසක් නරඹා තිබේ.


- 2079

 


අදහස් (0)

එල්.පී.එල්. ක්‍රීඩක ලියාපදිංචිය හෙට සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.