කඩලාන ශාන්ත අන්තෝනි විදුහල සහ මොරටුව වීර පුරන් අප්පු ආදර්ශ විදුහල අතර දෙවැනි වරටත් පැවැත්වෙන ‘මොරටුව රන්දම් සටන’ වාර්ෂික එක්දින තරගය මේ මස 8 වැනිදා මොරටුව ද සොයිසා ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.
වසර 100 ක් ඉපැරණි පාසලක් වන කඩලාන සාන්ත අන්තෝනි විදුහල පසුගිය කාලයේ ළමුන් අඩුවීම හේතුවෙන් වසා දැමීමට තරම් අවදානමකටද ලක් වු පාසලකි. ළමුන් 250 ක් පමණ ඉගෙනුම ලබන කඩලාන ශාන්ත අන්තෝනි විදුහල පසුගිය වසරේ පැවැති එක්දින තරගයෙන් ලකුණු 91 ක ජයක් ලැබීය.
අශේන් සමීරගේ නායකත්වයෙන් යුත් කඩලාන ශාන්ත අන්තෝනි විදුහල් කණ්ඩායමේ උප නායකත්වය දරන්නේ රදික ප‍්‍රියසංඛයි.
මොරටුව වීර පුරන් අප්පු ආදර්ශ විදුහල් කණ්ඩායමේ නායකයා ලෙස ප‍්‍රිමේෂ් සුලක්‍ෂණ ද, උපනායකයා ලෙස ඉසුරු නිලක්‍ෂ ද කටයුතු කරති.
ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩක අජන්ත මෙන්ඩිස්, කඩලාන ශාන්ත අන්තෝනි විදුහලේද ක‍්‍රීඩා කළ ක‍්‍රීඩකයෙකි.
කඩලාන සාන්ත අන්තෝනි විදුහල් කණ්ඩායම:
ඉදිරිපෙළ වමේ සිට: අශේන් සමීර (නායක), අනෝජ ද මැල් මහතා (පුහුණුකරු), රසික ඩයස් මහතා (ක‍්‍රිකට් භාර ආචාර්ය), කපිතාන් රවින්ද්‍ර අන්ටනී මහතා (විදුහල්පති), අයෝමි කුරේ මහත්මිය (නියෝජ්‍ය විදුහල්පතිනී), ළහිරු ප‍්‍රනාන්දු මහතා (ක‍්‍රිකට් භාර ආචාර්ය), රදික ප‍්‍රියසංඛ (උප නායක)
මැදපෙළ වමේ සිට: සුදේෂ් ධනංජිය, ශෂික ලක්‍ෂාන්, ධනුෂ්ක ප‍්‍රමේෂ්, ඉරේෂ් රුවන්ත, ගනිදු සංකල්ප, ප‍්‍රිමොස්ක ශාමින්ද, පවන්ත සුපුන්සිරි, ප‍්‍රභාෂ ප‍්‍රනාන්දු
පසුපෙළ වමේ සිට: ප‍්‍රශන්ත ළහිරු, රුවින්ද මධුෂංක, රසින්ද හෂාන්, ළහිංග දිල්ෂාන්, චතුෂ ධනංජය, ප‍්‍රවින් ජයශංක, සදුන් මල්ෂික, නිපුන් ලක්ෂිත
මොරටුව වීර පුරන් අප්පු විදුහල් කණ්ඩායම:
ඉදිරිපෙළ වමේ සිට: ඉසුරු නිලක්‍ෂ (උප නායක), දිනේෂ් ප‍්‍රසංග මහතා (ක‍්‍රිකට් භාර ආචාර්ය), මාලා කාන්ති මහත්මිය (නියෝජ්‍ය විදුහල්පතිනි), එස්.දීපාල් මෙන්දිස් මහතා (විදුහල්පති), ජේ.මහේන්ද්‍ර මහතා (නි.විදුහල්පති, ක‍්‍රිකට් භාර ආචාර්ය), නිශාර ඔමල්ක මහතා (පුහුණුකරු), ප‍්‍රිමේෂ්සුලක්‍ෂණ (නායක)
මැදපෙළ වමේ සිට: සන්තුක අමෝද්, කවිදු මධුෂාන්, යෂාන් අවිශ්ක, අසුන් චින්තක, රචිත් මධුෂාන්, ඒෂාන් ප‍්‍රමුඛ
පසුපෙළ වමේ සිට: නිපුන තාරුෂ, කවිදු එරංග, ක‍්‍රිෂේන් මදුෂ, අශේන් ස`දරුවන්, චරිත් දිල්ෂාන්, මධුෂංක ස`දකැළුම්, ඉරේෂ් කවිෂාන්
- 090
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.