Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බටහිර ඉන්දීය කොදෙව් පිල සහ එංගලන්තය අතර තරගාවලියේ තරග දෙකක් අවසන් වීමත් සමගම එංගලන්තය මෙන්ම කොදෙව් පිලත් ලෝක ටෙස්ට් ශූරතාවලියේ පියවර දෙකක් ඉහළ නැඟ සිටිති. කොරෝනා වයිරස් වසංගතය ව්‍යාප්තවිම හේතුවෙන් ලොවපුරා සියලුම ක්‍රීඩාවන් අත්හිටුවීමෙන් මාස 3 කට පමණ පසුව ආරම්භවූ පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය මෙයයි.
අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වෙන තරග 3 කින් සමන්විත මෙම තරගාවලියේ තරග 2 ක් මේ වනවිට අවසන්වී ඇති අතර කණ්ඩායම් දෙකම තරගය බැගින් ජයග්‍රහණය කර ඇත. ඒ අනුව ප්‍රසාද ලකුණු 40 බැගින් හිමිකරගත් කණ්ඩායම් දෙකම ප්‍රසාද ලකුණු සටහනේ එක් ස්ථානයක් ඉහළ පැමිණීමට සමත්ව සිටිති.
මෙම තරගාවලිය ආරම්භ වීමට පෙර ප්‍රසාද ලකුණු 146 ක් හිමිකරගෙන සිටි එංගලන්ත කණ්ඩායම මේ වන විට ප්‍රසාද ලකුණු 186 ක් හිමිකරගනිමින් තුන්වැනි ස්ථානය අත්කරගෙන සිටී. තරගාවලිය ආරම්භ වීමට පෙර ප්‍රසාද ලකුණු නොතිබූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ අටවැනි ස්ථානයට පැමිණ සිටී. එහෙත් යම් හෙයකින් සිකුරාදා ආරම්භ වන තුන්වැනි ටෙස්ට් තරගය ජයගැනීමට කොදෙව් පිල සමත් වුවහොත් ඔවුන් ශ්‍රී ලංකාව සමගින් සමතැන ගනු ඇත.
එසේ සිදුවන්නේ කොරෝනා වයිරසයේ ලෝක ව්‍යාප්ත බලපෑම හේතුවෙන් ශ්‍රී ලංකාවට ටෙස්ට් තරග 5 ක් අහිමි වූ බැවිනි.
කොරෝනා වයිරසයේ ලෝක ව්‍යාප්තිය ආරම්භවූ මාර්තු මාසයේදී ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරග දෙකක් අවලංගු කර දැමීමට සිදුවිය. පසුව බංග්ලාදේශයට එරෙහිව ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතව තිබූ තරග 3 ක ටෙස්ට් තරගාවලියක්ද දින නියමයකින් තොරව කල්දැමීමට සිදුව තිබේ.
මේ වනවිට ප්‍රසාද ලකුණු 360 ක් ලබා සිටින ඉන්දීය කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන්නේය. තරග 9 ක් සහභාගිවී ඇති ඔවුන් ඉන් තරග 7 ක් ජයගෙන තරග 2 ක් පරාජයට පත්වී ඇත. තරගාවලි 4 කට සහභාගිවී ඇති ඉන්දීය කණ්ඩායම ඉන් තරගාවලි 3 ක් ජයගැනීමට සමත්විය.
තරගාවලි 2 කදී තරග 4 කට පමණක් සහභාගිවී ඇති ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු 80 ක් හිමිකර ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ 6 වැනි ස්ථානයේ පසුවන්නේය. එක් තරගයක් පමණක් ජයගෙන ඇති ශ්‍රී ලංකාව තරග 2 ක් පරාජයවී තවත් තරගයක් ජයපරාජයෙන් තොරව අවසන් කරගෙන ඇත.
අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වෙන මීළඟ තරගාවලිය අගෝස්තු 5 වැනිදා එංගලන්තය සහ පාකිස්තානය සමගින් ආරම්භවීමට නියමිතව ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.