Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාවේදී ලබන වසරේ ජනවාරි මස පැවැත්වීමට නියමිත එංගලන්ත ක්‍රිකට් පිලේ තරග සංචාරය සෞඛ්‍ය නිර්දේශවලට අනුව පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුමැතිය ඊයේ (23) පෙරවරුවේ හිමිවිය. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේදී ඊයේ පෙරවරුවේ පැවැති විශේෂ සාකච්ඡාවේදී සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතිය ඊට ලැබුණි.
මෙම සාකච්ඡාවට සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පැවසුවේ ඒ සඳහා වන සෞඛ්‍ය මාර්ගෝපදේශ පසුව යොමු කරන බව සෞඛ්‍ය බලධාරීන් පැවසූ බවයි.
ශ්‍රී ලංකා පිලේ දකුණු අප්‍රිකානු සංචාරය ලබන ජනවාරි මස 7 වැනිදා අවසන් වේ ඉන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම ජනවාරි 8 හෝ 9 නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. එංගලන්ත තරගාවලිය ජනවාරි මස 14 වැනිදා ගාල්ලේදී ආරම්භ වීමට නියමිතය.
එංගලන්ත සංචාරය සඳහා ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන්ට දින 14 ක නිරෝධානය කාලය සම්පූර්ණ කිරීමට නොහැකි වීම පිළිබඳව මෙහිදී සාකච්ඡා වී තිබේ. එහෙත් ශ්‍රී ලංකා සංචිතය දකුණු අප්‍රිකානු සංචාරයේදී ‘පොකුරක්’ ලෙස කටයුතු කරන බවත් නැවත ශ්‍රී ලංකාවට පැමිණීමේදී විශේෂයෙන් වෙන්කළ ගුවන්යානයක් යොදා ගැනීමට නියමිත බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් එහිදී සෞඛ්‍ය බලධාරීන්ට දැනුම්දී තිබේ.
මෙම එංගලන්ත සංචාරයට ටෙස්ට් තරග දෙකක් පමණක් ඇතුළත් වන අතර එම තරග දෙක ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය ජනවාරි මස 23 වැනිදා ආරම්භ වීමට නියමිතය.
එංගලන්ත පිල මෙම ටෙස්ට් තරගාවලියට සහභාගි වීම සඳහා මේ වසරේ මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණ සිටියදී ‘කොවිඞ් 19’ අවදානම හේතුවෙන් ආපසු ගියේය.
මෙම සාකච්ඡාවට සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්, මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ, සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති රවීන් වික්‍රමරත්න සහ මහාචාර්ය අර්ජුන ද සිල්වා යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.