Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඩොමිනික් සිබ්ලි (120) සහ බෙන් ස්ටෝක්ස් (176) ශතක ලබාගනිමින් දැක්වූ විශිෂ්ට පිතිහරඹය හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව මැන්චෙස්ටර්හිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (17 වැනිදා) ඉනිම අත්හිටවූ එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලු 9 ක් දැවී ලකුණු 469 ක් රැස් කළේය.
මෙම තරගය ජයගතහොත් මේ වන විට 0-1 ක් ලෙසින් පසුපසින් සිටින එංගලන්තයට තරගාවලිය සමකර ගැනීමේ අවස්ථාව හිමිවේ.
සිය ටෙස්ට් දිවියේ 10 වැනි ශතකය ලබාගත් බෙන් ස්ටෝක්ස් ලකුණු 176 ක් රැස්කර සිටියදී කෙමාර් රෝච්ගේ පන්දුවක් හමුවේ ශේන් ඩවුර්ච් හට උඩපන්දුවක් දෙමින් දැවී ගියේය. පන්දු 356 කට මුහුණදුන් ස්ටෝක්ස්ගේ ඉනිම හයේ පහර 2 ක් සහ හතරේ පහර 17 කින් අලංකාර විය.
දිවා ආහාරයෙන් පසුව දිනයේ පළමු කඩුල්ල ලෙස ලකුණු 120 ක් රැස්කර සිටි ඩොමිනික් සිබ්ලි දවාගැනීමට රොස්ටන් චේස් සමත්විය. කෙමාර් රෝච් අතට උඩපන්දුවක් දෙමින් සිබ්ලි දැවී යනවිට පන්දු 372 කට මුහුණදී සිටි අතර හතරේ පහර 5 ක් ඔහුගේ ඉනිමට ඇතුළත් විය. සිය ටෙස්ට් දිවියේ 8 වැනි තරගයට සහභාගීවන ඩොමිනික් සිබ්ලි ඔහුගේ දෙවැනි ටෙස්ට් ශතකය ලබාගැනීමට සමත්විය.
ඩොමිනික් සිබ්ලි සහ බෙන් ස්ටෝක්ස් එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 260 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් එංගලන්ත ලකුණු පුවරුව ඉහළ දැමීමට සමත්වූහ. ඊයේ උදෑසන තරගය ආරම්භවී දිවා ආහාරයට තරගය නතර කරන විට කඩුල්ලක් ලබානොදුන් එංගලන්ත පිතිකරුවන්ට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 57 ක් පමණී. නමුත් දිවා ආහාරයෙන් පසුව තේ පානය දක්වා කාලය තුල බෙන් ස්ටෝක්ස් වේගවත් පිතිහරඹයක නිරතවීම හේතුවෙන් කඩුලු 2 ක් අහිමිකර ගත් එංගලන්ත කණ්ඩායම ලකුණු 114 ක් රැස්කර ගත්තේය.
රොස්ටන් චේස් අද දිනයේ දැවී ගිය දෙවැනි කඩුල්ලටත් හිමිකම් කියමින් ලකුණු 7 ක් ලබාසිටි ඔලිව් පොප් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනීමට සමත්විය. රොස්ටන් චේස් එංගලන්ත පිතිකරුවන් පස්දෙනෙකු නැවත ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට සමත්වූ අතර කෙමාර් රෝච් කඩුලු 2 ක්ද අල්සාරී ජෝසප් සහ ජේසන් හෝල්ඩර් කඩුල්ල බැගින් දවාගැනීමට සමත්වූහ.
තේ පානයෙන් පසුව වේගවත් පිතිහරඹයක නිරතවු එංගලන්ත පිතිකරුවෝ ලකුණු 91 ක් සිය කණ්ඩායමට එක්කළ අතර කඩුලු 4 ක් අහිමිකර ගත්හ.
දෙවැනි ටෙස්ට් තරගයේ ආරම්භක දිනය වූ ඊයේ (16 වැනිදා) පළමු දිනට තරගය අවසන් කරන විට සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම කඩුලු 3 ක් දැවි ලකුණු 207 ක් රැස්කර සිටියේය. ඩොමිනික් සිබ්ලි ලකුණු 86 ක් සහ බෙන් ස්ටෝක්ස් ලකුණු 59 ක් රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටියහ.
තරගයේ දෙවැනි දිනට අද තරගය අවසන් කරන විට සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලකුණු 32 කට කඩුල්ලක් අහිමිකර ගත්තේය.
එංගලන්ත පළමු ඉනිම - කඩුලු 9 ක් දැවී 469
(ඩොමිනික් සිබ්ලි 120, ජෝ රූට් 23, බෙන් ස්ටෝක්ස් 176, ජොස් බට්ලර් 40, ඩොම් බෙස් නොදැවී 31, රොස්ටන් චේස් 172/5, කෙමාර් රෝච් 58/2)
බටහිර ඉන්දීය කොදෙව් පළමු ඉනිම - කඩුල්ලක් දැවී 32
- 2019
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.