Last Update  :  2025-08-13 12:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket එංගලන්ත ක්‍රීඩකයෝ දෙවැනි කඩුල්ල පනිති

එංගලන්ත ක්‍රීඩකයෝ දෙවැනි කඩුල්ල පනිති

editorial - 2021 ජන මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තුන් ඉරියව් ක්‍රීඩක මුයින් අලිට කොරෝනා වයිරසය වැළදී ඇති බව සොයා ගැනීමෙන් පසුව සිදුකරන ලද පී.සී.ආර්. පරීක්‍ෂණවලින් මුයින් අලී හැර, එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ සියලුම සාමාජිකයින්ගේ ප්‍රතිඵල සතුටුදායක බව වාර්තා වේ. ඒ අනුව කොරෝනා ආරක්‍ෂණ නියාමනයන්ට අනුව අද (6 වැනිදා) සිට පුහුණුවීම් කටයුතු ආරම්භ කිරීමට අවසර ලබා දී තිබේ.

එංගලන්ත සංචිතය පසුගිය ඉරිදා ශ්‍රී ලංකාවට පැමිනීමෙන් පසුව මොයින් අලීට කොරෝනා වයිරසය වැළඳී ඇති බව සොයා ගැනිණ. ඔහු සමගින් සමීප සම්බන්ධතාවක් තිබූ ක්‍රිස් වෝක්ස් එම හෝටලයේම වෙනත් පෙදෙසක හුදෙකළා කරන ලදි.

කෙසේ වෙතත් නවතම පරීක්‍ෂණ ප්‍රතිඵල සමගින් ශ්‍රී ලංකාවට එරෙහිව ජනවාරි 14 වනදා ගාල්ලේදී ඇරඹෙන ටෙස්ට් තරගාවලියට සුදානම් වීමට එංගලන්ත කණ්ඩායමට අවස්ථාව හිමිවූ අතර හම්බන්තොට ආරක්ෂිත බුබුලේ සැලසුම් දැන් බොහෝ දුරට යථා තත්වයට පත්ව තිබේ.

“ඊයේ සිදුකරන ලද කොරෝනා වයිරස් පරීක්‍ෂණ වලින් මොයින් අලි හැර අනෙක් සියළුම දෙනා සමත්වී සිටිනවා. ඒ අනුව අපට අද දහවල් සිට යළිත් පුහුණුව ආරම්භ කරන්න පුළුවන්” යනුවෙන් එංගලන්ත කණ්ඩායමේ ප්‍රකාශකයෙක් අද පෙරවරුවේදී පැවසීය.

මොයින් අලී සමඟින් කිට්ටු සම්බන්ධතාවයක් පැවැත්වූ ක්‍රිස් වෝක්ස්ද ඊයේ කරන ලද පී.සී.ආර්. පරීක්‍ෂණයෙන් සමත්ව සිටින නමුත් ඔහුට ඔහුගේ කාමරයේ හුදෙකලා වීමට සිදුවනු ඇත. සංචාරක එංගලන්ත කණ්ඩායම හෙට (7 වැනිදා) නැවතත් තුන්වන පී.සී.ආර්. පරීක්ෂණයට භාජනය වීමට නියමිතව ඇත.

දකුණු අප්‍රිකානු තරග සංචාරයක නිරතවූ ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරගාවලිය 2-0 ක් ලෙස පරාජයට පත්වීමෙන් පසුව සිකුරාදා ආපසු සිය රට බලා ඒමට නියමිතය. එතැන් සිට ඔවුන්ට ජෛව ආරක්ෂණ බුබුලකට යාමට සිදුවනු ඇත.

ශ්‍රී ලංකාවට පැමිණෙන සියළුම ගුවන් ගමන් තහනම් කර ඇති බැවින් ජෝ රූට් ඇතුළු ඔහුගේ කණ්ඩායම විශේෂයෙන් වෙන්කරවා ගත් බි්‍රතාත්‍ය ගුවන් සේවයට අයත් යානයකින් ශ්‍රී ලංකාවට පැමිණියේය. වඩාත් වේගයෙන් බෝවන කොරෝනා වයිරසයේ නව ප්‍රභවය සොයා ගැනීමෙන් පසුව එංගලන්තයේ ගුවන් ගමන්ද නවතා ඇත.

ටෙස්ට් තරගාවලිය සඳහා 18 දෙනෙකුගෙන් යුත් සංචිතයක් සහ අතිරේක ක්‍රීඩකයන් 7 දෙනෙකුගෙන් යුත් එංගලන්ත කණ්ඩායමක් මේ වන විට දිවයිනට පැමිණ සිටී.


- 2079

 


අදහස් (0)

එංගලන්ත ක්‍රීඩකයෝ දෙවැනි කඩුල්ල පනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.