බදුල්ල ඌව මහා විද්‍යාලය සහ ධර්මදූත මහා විද්‍යාලය අතර බදුල්ල කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැති 58 වැනි ඌව මහා සංග‍්‍රාමය සෙනසුරාදා (2 වැනිදා) ජය පරාජයෙන් තොරව අවසන් විය.
තරගය නතර කරන විට දෙවැනි ඉනිම කී‍්‍රඩා කරමින් සිටි ඌව මහා විදුහල් කණ්ඩායම කඩුලූ හයක් දැවී ලකුණු 52 ක් ලබා සිටියේය.
කාසිය වාසිය දිනාගත් බදුල්ල ඌව මහා විද්‍යාලයේ නායකයා මුලින්ම පන්දුවට පහරදීමට ධර්මදූත විද්‍යාලයට ආරාධනා කර සිටියේය. ඒ අනුව පළමුව පන්දුවට පහරදුන් ධර්මදූත කණ්ඩායම සියලූ දෙනා දැවී ලකුණු 154ක් ලබා ගැනීමට සමත්විය.
ධර්මදූත කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභිය බවට පත්වෙමින් මධුරංග ගලප්පත්ති පන්දු 44 කදී ලකුණු 59 ක් ලබා ගත් අතර උදන්ත දේශාන් පන්දු 99 ලකුණු 42 ක් රැස්කර ගැනීමට සමත්විය.
දක්ෂ පන්දු යැවීමක නිතර වූ ඌව මහා විද්‍යාලයේ ෂෙනාල් පෙරේරා ලකුණු 12ට කඩුලූ 3ක් දවා ගැනීමට සමත්වූ අතර ළහිරු උදේශික ලකුණූ 43 කට කඩුලූ 3ක් දවා ගත්තේය.
ඌව මහා විද්‍යාලය පළමු ඉනිමට සියලූ දෙනා දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 65 ක් පමණි. දක්ෂ පන්දු යැවීමක නිරත වූ ධර්මදූත විද්‍යාල කණ්ඩායමේ මොහොමඞ් රවුෂාන් ලකුණු 19 ට කඩුලූ 4 ක් දවා ගැනීමට සමත් වූ අතර ලක්ෂාන් පියුමන්ත ලකුණු 26 ට කඩුලූ 3ක් දවා ගත්තේය.
ලකුණු 89 ක වාසියත් සමග දෙවැනි ඉනිම ආරම්භ කළ ධර්මදූත කණ්ඩායම දෙවැනි ඉනිමේදී සියලූ දෙනා දැවී ලබා ගත හැකිවූයේ ලකුණු 117 ක් පමණි.
එහිදි ධර්මදූත මහා විදුහල් කණ්ඩායම වෙනුවෙන් එස්. මධුෂාන් ලකුණූ 29ක් රැස්කර ගත් අතර පන්දු යැවීමේදී ඌව මහා විදුහල වෙනුවෙන් හරිදු මධුෂංක ලකුණු 34 ට කඩුලූ 3ක් දවා ගැනීමට සමත් විය.
ඌව මහා විද්‍යාලය කණ්ඩායමට තරගය ජයග‍්‍රහණය කිරීම ස`දහා ලකුණු 206 ක ඉලක්කයක් හිමි වූ අතර දෙවැනි ඉනිම කි‍්‍රඩා කළ ඌව මහා විදුහල් කණ්ඩායම තරගය අවසන් වන විට කඩුලූ හයක් දැවී ලකුණු 52ක් ලබා සිටියේය. ඌව මහා විදුහල් කණ්ඩායමේ මලීෂ දිලංක ලකුණු 14ක් ලබා ගැනීමට සමත්විය.
ධර්මදූත විද්‍යාලය වෙනුවෙන් දක්ෂ පන්දුයැවීමක නිරත වූ ලක්ෂාන් පියුමන්ත ලකුණු 21 ට කඩුලූ පහක් දවා ගත්තේය.
ධර්මදූත විද්‍යාලය පළමු ඉනිම - සියලූ දෙනා දැවී ලකුණු 154
(මධුරංග ගලප්පත්ති 59, උදන්ත දේශාන් 42, ඩිලාන් නිමේෂ් 27, ෂෙනාල් පෙරේරා 12/3, ළහිරු උදේශික 4/3)
ඌව මහා විද්‍යාලය පළමු ඉනිම - සියලූ දෙනා දැවී ලකුණු 65
(මලීෂ දිලංක 10, අෂේන් දිල්ශාන් 05, මොහොමඞ් රවුෂාන් 19/4, ලක්ෂාන් පියුමන්ත් 26/3)
බදුල්ල ධර්මදූත විද්‍යාලය දෙවැනි ඉනිම - සියලූ දෙනා දැවී ලකුණු 117
(ඞීලාන් නිමේෂ් 23, එස් මධූෂාන් 29, හරිදු මධුෂංක 34/3, මෙරාන් ඉසංක 23/3)
ඌව මහා විද්‍යාලය දෙවැනි ඉනිම - කඩුලූ හයක් දැවී ලකුණු 52
(මලීෂ දිලංක 14, සචින්ත දිල්රුක්ෂ 12, ලක්ෂාන් පියුමන්ත් 21/5)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.