ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ජේෂ්ඨ උපසභාපතිවරයකුවන කේ. මතිවානන් මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට අද (06 වැනිදා) තීරණය කර ඇත.
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ විධායක කමිටු රැස්වීම්වලට දිගින් දිගටම සහභාගී නොවු මතිවානන් මහතා උපසභාපතිවරයකු වශයෙන් තමන්ට පැවරී තිබු කාර්යයන් පිළිබදව නොසතුටට පත්ව සිටි බවද වාර්ථාවේ.
කොළඹ කෝල්ට්ස් ක‍්‍රිකට් සමාජයේ පසුගිය වසර 12කම සභාපතිවරයා වශයෙන් කටයුතු කලේද මතිවානන් මහතාය. අද පැවැත්වීමට නියමිත කෝල්ට්ස් ක‍්‍රිකට් සමාජයේ වාර්ෂික නිළවරණයේදී නැවතත් සභාපති තනතුරට තරග කිරීමට මතිවානන් මහතා සුදානමින් සිට ඇතත් අවසන් මොහොතේ මතිවානන් මහතා තම තීරණය වෙනස් කර ඇත.
කෝල්ට්ස් ක‍්‍රිකට් සමාජයෙන් ඉවත්වීමත් සමග ක‍්‍රිකට් ක‍්‍රීඩාව හා පවතින සම්බන්ධතා ගිලිහියන හෙයින් ක‍්‍රිකට් ආයතනයේ උපසභාපති තනතුරෙන් ඉවත්වීමට තමන් තීරණය කල බව මතිවානන් මහතා කෙළිමඩලට පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.