Last Update  :  2025-12-23 17:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket උදාර - රවිඳු ශා.සෙබස්තියන් විදුහලට ජය ගෙනෙති

උදාර - රවිඳු ශා.සෙබස්තියන් විදුහලට ජය ගෙනෙති

සංජය එරමුදුගොඩ - 2018 අප්‍රේ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කටුනේරිය ශාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ මිගමුව ශාන්ත පීතර විද්‍යාලය අතර කඳිරාණ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති 7 වැනි ‘මුහුදු ළිහිණින්ගේ හටන’ වාර්ෂික එක්දින ක්‍රිකට් තරගය ලකුණු 56 කින් ජයගැනීමට කටුනේරිය ශාන්ත සෙබස්තියන් විද්‍යාලය අද (6 වැනිදා) සමත්විය.

කාසියේ වාසිය දිනාගත් ශාන්ත පීතර විද්‍යාලය පළමුව පන්දුවට පහරදීම සදහා ශාන්ත සෙබස්තියන් විද්‍යාලයට ආරධනා කළ අතර ඕවර 49.5 කදී සියලුදෙනා දැවී ලකුණු 222 ක් රැස්කිරීමට ඔවුන් සමත්වූහ.

කවිඳු ඉරෝෂ් (60) සහ රවිඳු දිල්ශාන් (50) අර්ධ ශතක රැස්කරමින් ශාන්ත සෙබස්තියන් විද්‍යාලය වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූ අතර ප්‍රමෝද් කවිඳු සහ බ්‍රයන් ජුලියස් කඩුලු 3 බැගින් දවාගනිමින් ශාන්ත පීතර විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

ජයග්‍රහණය සදහා ලකුණු 223 ක ඉලක්කයක් හඹාගිය ශාන්ත පීතර විද්‍යාලයට ඕවර 45.3 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 166 ක් පමණි.

උමේෂ් ලක්ෂාන් ලකුණු 62 ක් රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වුවද එය ජයග්‍රහණය කරා කණ්ඩායම රැගෙන යාමට ප්‍රමාණවත් නොවීය.

උදාර මෙන්ඩිස් ලකුණු 29 කට කඩුලු 5 ක් සහ රවිඳු දිල්ශාන් ලකුණු 22 කට කඩුලු 3 ක් දවාගනිමින් කටුනේරිය ශාන්ත සෙබස්තියන් විද්‍යාලය ජයග්‍රහණය කරා රැගෙන යෑමට සමත්වූහ.


ශා.සෙබස්තියන් විද්‍යාලය - ඕවර 49.5 කදී සියලුදෙනා දැවී ලකුණු 222
(කවිඳු ඉරෝෂ් 60, රවිඳු දිල්ශාන් 50, උදාර මෙන්ඩිස් 32, අයෝන් හේසර 25, ප්‍රමෝද් කවිඳු 34/3, බ්‍රයන් ජුලියස් 50/3)

ශා.පීතර විද්‍යාලය - ඕවර 45.3 කදී සියලුදෙනා දැවී ලකුණු 166
(උමේෂ් ලක්ෂාන් 62, සලිඳු මදුවන්ත 36, උදාර මෙන්ඩිස් 29/5, රවිඳු දිල්ශාන් 22/3)    

 


අදහස් (0)

උදාර - රවිඳු ශා.සෙබස්තියන් විදුහලට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.