‘බාටා - සන්ඩේ ටයිම්ස්’ වසරේ ජනපි‍්‍රයම පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා තේරීමේ තරගයේ (2016) සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ පළමු ස්ථානයේ රැදී සිටි පවන් ඩයස් සහ දෙවැනි ස්ථානයේ පසු වූ ළහිරු තඹවිට අතර ඉකුත් සතිය (11 වැනි) නිමාවට පත්වන විට තිබූ ඡන්ද 1598 ක පරතරය මේ සතිය (12 වැනි) නිමාවන විට ඡන්ද 206 ක් දක්වා අඩු වී තිබේ.
පානදුර රාජකීය විද්‍යාලයේ පවන් ඩයස් මේ වන විට ඡන්ද 6698 ක් ලබා තවදුරටත් ඡන්ද සටහනේ පෙරමුණ් රැදී සිටී. අතර මේ සතිය තුළදී ඔහුට ලබාගත හැකිවී ඇත්තේ ඡන්ද 916 ක් පමණි.
මේ සතිය තුළදී ලබාගත් ඡන්ද 2308 සමගින් සිය මුළු ඡන්ද සංඛ්‍යාව 6492 ක් දක්වා ඉහළ නංවා ගැනීමට ප‍්‍රකාශිත ඡන්ද සටහනේ දෙවැනි ස්ථානයේ පසුවන කළුතර සිරිකුරුස විදුහලේ ළහිරු තඹවිට සමත්ව සිටියි.
ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලේ යොහාන් මෙන්ඩිස් සහ බම්බලපිටිය ශාන්ත පීතර විදුහලේ ලක්ෂිණ රොද්‍රිගූ පිළිවෙලින් ඡන්ද 3418 ක් සහ 1753 ක් බැගින් ලබාගෙන සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ තෙවැනි සහ සිව්වැනි ස්ථානයන්හි රැදී සිටිති.
ඡන්ද 2134 ක් ලබාගනිමින් මෝදර ද ලාසාල් විදුහලේ මාධව ප‍්‍රනාන්දු, නැගී එන කාණ්ඩයේ පෙරමුණ ගෙන සිටින අතර එහි දෙවැනි ස්ථානය ඡන්ද 104 ක් ලබා සිටින පාදුක්ක සිරි පියරතන විදුහලේ දිල්ෂාන් මධුෂංකට හිමිව තිබේ.
මෙම තරගයට අදාළ කූපන්පත් විජය පුවත්පත් අයතනයේ, දිනපතා ප‍්‍රකාශන වන ‘ලංකාදීප’ සහ‘ඬේලි මිරර්’ පුවත්පත් වලද, සති අන්තයේ පළවන ‘සන්ඩේ ටයිම්ස්’ සහ ‘දේශය’ පුවත්පත් වලද අන්තර්ගතවේ. තමන් කැමතිම පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා වෙනුවෙන් මනාපය පළ කිරීමට මේ මාසයේ මැද භාගය දක්වා පාඨකයන්ට අවස්ථාව තිබේ.
| සමස්ථ ලංකා පාසල් කාණ්ඩය | ||
| කී‍්‍රඩකයා | පාසල | ඡන්ද |
| පවන් ඩයස් | පානදුර රාජකීය විදුහල | 6698 |
| ළහිරු තඹවිට | කළුතර සිරිකුරුස විදුහල | 6492 |
| යොහාන් මෙන්ඩිස් | ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල | 3418 |
| ලක්ෂිණ රුද්‍රිගූ | බම්බලපිටිය ශාන්ත පීතර විදුහල | 1753 |
| රවින් සේයර් | මහනුවර ති‍්‍රත්ව විදුහල | 496 |
| මල්ෂාන් රොද්‍රිගූ | කොළඹ ශාන්ත ජෝෂප් විදුහල | 303 |
| කෙවින් පෙරේරා | මීගමුව මාරිස්ටෙලා විදුහල | 180 |
| පසිඳු සූරියබණ්ඩාර | කොළඹ රාජකීය විදුහල | 168 |
| ගීතාල් ප‍්‍රනාන්දු | කොටහේන ශාන්ත බෙනඩික් විදුහල | 115 |
| සචින්ද ගමාධිකාරි | මීගමුව මාරිස්ටෙලා විදුහල | 90 |
| නැගී එන පාසල් කාණ්ඩය | ||
| කී‍්‍රඩකයා | පාසල | ඡන්ද |
| මාධව ප‍්‍රනාන්දු | මෝදර ද ලාසාල් විදුහල | 2134 |
| දිල්ෂාන් මධුෂංක | පාදුක්ක සිරි පියරතන විදුහල | 104 |
| රියාස් රිස්වි | අකුරණ අසාර් විදුහල | 2 |
ඡන්දය ප‍්‍රකාශය කරන පාඨකයන් වෙනුවෙන් පැවැත්වෙන තරගයේ පසු ගිය සතියේ ජයග‍්‍රාහකයෝ
1 ඇලෙක්සි නුගේරා, චන්දන පිරවුම්හල, කුරුණෑගල පාර, නාරම්මල
2 ඒ. එම්. හීන්බණ්ඩා, 504, තේවත්ත පාර, රාගම
3 එම්. සබිත්, 4, දොස්තරවත්ත, වැල්ලම්පිටිය
4 සුරංගි ප‍්‍රනාන්දු, ‘සිසිර’ කටුනායක
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.