ඉෆ්තිකාර් - බාබර් පාකිස්තානයට ජය ගෙනෙති

ඉෆ්තිකාර් අහමඩ්ගේ පන්දු යැවීමත්, නායක බාබර් අසාම්ගේ පිතිහරඹයත් හේතුවෙන් සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව රාවල්පිණ්ඩි නුවරදී පැවැති දෙවැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් කඩුලු 6 ක ජයක් වාර්තා කිරීමට පාකිස්තාන කණ්ඩායම සමත් විය. ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදීම 2-0 ක් ලෙස ජයගැනීමටද පාකිස්තාන ක්‍රීඩකයෝ සමත් වූහ.

එක්දින තරගායවලියේ අවසන් තරගය ලබන අඟහරුවාදා (3 වැනිදා) රාවල්පිණ්ඩි නුවරදීම පැවැත්වේ.
ජයග්‍රහණය සඳහා ලකුණු 207 ක ඉලක්කයක් හඹාගිය පාකිස්තාන කණ්ඩායම ඕවර 35.2 ක් අවසානයේ කඩුලු 4 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය. එහිදී නායකත්වයේ පිතිහරඹයක නිතර වූ බාබර් අසාම්, පන්දු 73 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 7 ක් සමග නොදැවී ලකුණු 77 ක් රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.
ඉමාම් උල් හක් (49) සහ අබීඩ් අලී (22) එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 61 කදී ලකුණු 68 ක සම්බන්ධතාවක් ගොඩනගමින් පාකිස්තාන කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්හ. අර්ධ ශතකය පෙනි පෙනී දැවීගිය ඉමාම් පන්දු 61 කදී හතරේ පහර 5 ක් සමග ලකුණු රැස්කළේය. පන්දු 24 කදී වාර්තා වූ අබීඩ් අලීගේ ඉනිමට හතරේ පහර 4 ක් ඇතුළත් විය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායමට ඕවර 45.1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 206 ක් පමණි. සිම්බාබ්වේ ඉනිමේ වැඩම ලකුණු ලාභියා බවට පත්වූ ෂෝන් විලියම්ස් පන්දු 70 කදී හයේ පහරක් සහ හතරේ පහර 10 ක් සමග ලකුණු 75 ක් රැස්කළේය. බ්‍රෙන්ඩන් ටේලර් (36) සමග එක්ව 57 කදී ලකුණු 61 ක සම්බන්ධතාවක් ගොඩනැලීමටද විලියම්ස් සමත් විය.
ඉෆ්තිකාර් අහමඩ් සිය ඕවර 10 ලකුණු 40 කට සීමා කරමින් කඩුලු 5 ක් දවාගත්තේ විලියම්ස්ගේ කඩුල්ලද සමගිනි. සිම්බාබ්වේ ඉනිම අඩපණ කිරීම සඳහා අහමඩ්ට අනගි සහායක් දුන් මුහම්මද් මූසා ලකුණු 21 කට කඩුලු 2 ක් බිඳහෙළීය.
සිම්බාබ්බේ - ඕවර 45.1 කදී සියලු දෙනා දැවී 206
(බ්‍රයන් චාරී 25, බ්‍රෙන්ඩන් ටේලර් 36, ෂෝන් විලියම්ස් 75, බ්ලෙසින් මුසරබානී 17, ඉෆ්තිඛාර් අහමඩ් 40/5, මුහම්මද් මූසා 21/2)
පාකිස්තානය - ඕවර 35.2 කදී කඩුලු 4 ක් දැවී 208
(ඉමාම් උල්හක් 49, අබීඩ් අලී 22, බාබර් අසාම් නොදැවී 77, හයිදර් අලී 29, ටෙන්ඩායි චිසොරෝ 49/2)
-036