Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඉසුරු ජයසූරියගෙන් කඩුලූ 7 ක්

ඉසුරු ජයසූරියගෙන් කඩුලූ 7 ක්

සංජය එරමුදුගොඩ - 2016 අප්‍රේ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කෝට්ටේ ආනන්ද ශාස්ත‍්‍රාලය සහ නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලය අතර මොරටුව ද සොයිසා ක‍්‍රීඩාංගණයේදී අද (01 වැනිදා) ආරම්භවූ 20 වැනි ‘ශි‍්‍ර ජයවර්ධනපුර සටන’ වාර්ෂික මහ ක‍්‍රිකට් තරගයේ පළමු දිනය අවසන් වන විට ආනන්ද ශාස්ත‍්‍රාලය පළමු ඉනිමට කඩුලූ 3 ක් දැවී ලකුණු 28 ක් ලබා සිටියේය.

තනූෂ සඳරුවන් ලකුණු 02 කට කඩුලූ දෙකක් දවා ගනිමින් ශාන්ත ජෝන් විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූයේය.

කාසියේ වාසිය දිනු ආනන්ද ශාස්ත‍්‍රාලය මුලින්ම පන්දුවට දීමට ශාන්ත ජෝන් විද්‍යාලයට ආරාධනා කළ අතර පිට දඟ පන්දු යවන ඉසුරු ජයසූරියගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ පළමු ඉනිම සදහා ඔවුන්ට ලබාගත හැකිවූයේ ලකුණු 197 ක් පමණි. ඉසුරු ජයසූරිය ලකුණු 39 කට කඩුලූ 7 ක් දවාගැනීමට සමත්වූ අතර ඔහුට මනා සහයක් දැක්වූ අයේෂ් හර්ෂණ ලකුණු  37 කට කඩුලූ 2 ක් දවා ගත්තේය.

ශාන්ත ජෝන් විද්‍යාලය වෙනුවෙන් පන්දු 77 කදී හතරේ පහර හයක් සහ හයේ පහර දෙකක් සමගින් ලකුණු 50 රැස් කරමින් පිත්තෙන් දස්කම් දැක්වීමට හසන්ක තීක්ෂණ සමත් විය. මිතිල පූර්ණජිත් (47) අර්ධ ශතකය පෙනි පෙනී දැවී ගියේය.
හෙට (2 වැනිදා) තරගයේ දෙවැනි සහ අවසන් දිනයයි.


ශාන්ත ජෝන් විද්‍යාලය - පළමු ඉනිම  ඕවර 74.2 කදී සියලූ දෙනා දැවී 197
(මිතිල පූර්ණජිත් 47, හසන්ක තීක්ෂණ 50, අෂේන් මිලින්ද 22, ඉසුරු ජයසූරිය 39/7, අයේෂ් හර්ෂණ 37/3)

ආනන්ද ශාස්ත‍්‍රාලය - පළමු ඉනිම  ඕවර 13 කදී කඩුලූ 3 ක් දැවී 28
(තනූෂ සඳරුවන් 2/2)

 


අදහස් (0)

ඉසුරු ජයසූරියගෙන් කඩුලූ 7 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.