Last Update  :  2025-12-22 11:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඉසුරු උදානට කඩුලු 17 ක්

ඉසුරු උදානට කඩුලු 17 ක්

Nisanka Sandeepani - 2018 ඔක් මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අරාබියේ එමීර් රාජ්‍ය සමූහයේදී පැවැති ඇෆ්ගනිස්තාන ප්‍රියමිර් ලීග් තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත්වීමට ශ්‍රී ලංකාවේ තුන් ඉරියව් ක්‍රීඩක ඉසුරු උදාන සමත් විය. පක්තියා පැන්තර්ස් කණ්ඩායමට ක්‍රීඩා කළ උදාන, එම තරගාවලියේ තරග 8 කදී දවාගත් කඩුලු සංඛ්‍යාව 17 කි. 

තරගාවලිය පුරා ඔහුගේ පන්දු යැවීම ලකුණු 28/2, 38/4, 19/3, 27/1, 14/2, 29/1, 33/2 සහ 57/2 ක් ලෙස සටහන් විය. එහිදී ඔහුගේ කඩුල්ලක් දවාගැනීමේ සාමාන්‍ය සටහන් වූයේ 14.41 ක් ලෙසිනි. 

බල්ඛා ලෙජන්ඞ් කණ්ඩායමට එරෙහිව ලකුණු 38 කට කඩුලු 4 ක් දවාගැනීම එම තරගාවලියේදී ඔහුගේ හොඳම පන්දු යැවීම ලෙස සටහන් විය. සහභාගි වූ සෑම තරගයකදීම කඩුලු දවාගැනීමට ඔහු සමත් වීමද එහිදී කැපී පෙනෙන සිදුවීමක් විය. 

නාන්ගර්හර් ලෙපර්ඞ්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 4 ක්ද, කාබුල් ස්වානන් කණ්ඩායමට එරෙහිව කඩුලු 4 ක්ද, කන්ධාර් නයිට්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 4 ක්ද දවාගත් උදාන, තරගාවලියේ ශූරයන් වූ බල්ඛා ලෙජන්ඞ්ස් කණ්ඩායමට එරෙහිව දවාගත් කඩුලු සංඛ්‍යාව 5 කි. 

කෙසේ වුවත් තරගාවලිය පුරා පිතිකරුවකු ලෙස සාර්ථක වීමට උදානට නොහැකි වූ අතර කන්ධාර් නයිට්ස් කණ්ඩායමට එරෙහිව පන්දු 23 කදී හයේ පහරක් සමග රැස්කළ ලකුණු 23 ඔහුගේ ඉහළම ලකුණු සංඛ්‍යාව විය. 

එක් එක් තරගයේදී ඉසුරු උදානගේ පන්දු යැවීම සටහන් වූයේ පහත ආකාරයෙනි.

4-0-28-2 
4-0-38-4  
4-0-19-3 
4-0-27-1 
4-0-14-2 
4-0-29-1 
4-0-33-2 
4-0-57-2 

 

 

-036 


අදහස් (0)

ඉසුරු උදානට කඩුලු 17 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.