Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
හේෂාන් ප‍්‍රනාන්දුගේ අගනා පිතිහරඹය නිසා අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ සීමිත ඕවර කි‍්‍රකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ ඉසිපතන විදුහල සමත් විය.
වෙන්නප්පුව ශාන්ත ජෝෂප් වාස් විදුහලට එරෙහිව කොළඹ බී. ආර්. සී. කී‍්‍රඩාංගණයේදී පැවැති පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරගයෙන් කඩුුලූ 7 ක ජයක් අත්කර ගනිමින් ඉසිපතන විදුහල සුදුසුකම් ලබාගත්තේය.
ඉසිපතන විදුහල් කණ්ඩායමේ ජයග‍්‍රහණයයේ නියමුවා බවට පත් වූ හේෂාන් ප‍්‍රනාන්දු පන්දු 119 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 13 ක් සමගින් ලකුණු 102 ක් රැස්කළේය. සාලින්ද උෂාන් (31) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 97 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද හේෂාන් සමත් විය.
ශාන්ත ජෝෂප් වාස් විදුහල - ඕවර 49.5 කදී සියලූ දෙනා දැවී 199
(දිල්ෂාන් නානායක්කාර 50, මධුෂාන් රණතුංග 40, රෙෂේන් ප‍්‍රනාන්දු නොදැවී 38, ඩිලාන් ප‍්‍රදීප්ත 26, හේෂාන් ප‍්‍රනාන්දු 27/3, නෙරංජන් වන්නිආරච්චි 36/3, ළහිරු දිල්ෂාන් 38/2)
ඉසිපතන විදුහල - ඕවර 39.5 කදී කඩුලූ 3 ක් දැවී 205
(හේෂාන් ප‍්‍රනාන්දු 102, විෂාද් රන්දික නොදැවී 37, සාලින්ද උෂාන් 31)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.