Last Update  :  2025-09-08 14:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඉසිපතන විදුහල අවසන් පූර්ව වටයට

ඉසිපතන විදුහල අවසන් පූර්ව වටයට

ශනුක අරවින්ද - 2016 පෙබ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විශාද් රන්දිකගේ අගනා පිතිහරඹය (199) නිසා අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ ඉසිපතන විදුහල අද (23 වැනිදා) සමත් විය.

කොළඹ රාජකීය විදුහලට එරෙහිව කොළඹ බී. ආර්. සී. කී‍්‍රඩාංගණයේදී පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගනිමින් ඉසිපතන විදුහල අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.

පන්දු 287 කදී වාර්තා වූ විශාද් රන්දිකගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 21 ක් ඇතුළත් විය.

ඉසිපතන පළමු ඉනිමේ 5 වැනි කඩුල්ල වෙනුවෙන් ප‍්‍රමෝද් මධුවන්ත (83) සමග එක්ව ලකුණු 186 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද රන්දික සමත් විය. මෙම ඉනිමත් සමගින් ප‍්‍රමෝද් මධුවන්ත මෙවර තරග වාරයේදී ලකුණු 1000 සීමාව ඉක්මවා ගියේය.

රාජකීය විදුහල පළමු ඉනිම -  ඕවර 43.2 කදී සියලූ දෙනා දැවී 95
(පසිඳු සූරියබණ්ඩාර 22, ගනිත් සන්දීප් 19, ළහිරු දිල්ෂාන් 29/4, ප‍්‍රමෝද් මධුවන්ත 22/3, හේෂාන් ප‍්‍රනාන්දු 26/2)

ඉසිපතන පළමු ඉනිම -  ඕවර 120.3 කදී කඩුලූ 9 ක් දැවී 461
(විශාද් රන්දික 199, ප‍්‍රමෝද් මධුවන්ත 83, පැතුම් නිස්සංක 68, හේෂාන් ප‍්‍රනාන්දු 53, කළණ පෙරේරා 23, චාරුක හතරසිංහ 102/4, මලිත් කාරියවසම් 47/2, ලසිත් ඇඹුල්දෙණිය 132/2)

රාජකීය විදුහල දෙවැනි ඉනිම -  ඕවර 36 කදී කඩුලූ 4 ක් දැවී 110
(ටිරාන් ධනපාල නොදැවී 47, ගීෂාත් පණ්ඩිතරත්න 33, ඉවංක සංජුල 36/2)

 


අදහස් (0)

ඉසිපතන විදුහල අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.