Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඉන්දු - පාකිස්තානු තරගයේ ප‍්‍රවේශපත් අවසන්

ඉන්දු - පාකිස්තානු තරගයේ ප‍්‍රවේශපත් අවසන්

editorial - 2021 ඔක් මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරඟාවලියේ 2 වැනි කාණ්ඩයේදී  ඉන්දීයාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන තරගයේ ප‍්‍රවේශපත් අන්තර්ජාලයෙන් විකිණීමට දමා පැය කිහිපයක් ඇතුළත සියල්ලම අවසන් විය. දිගු කලක සිටම දේශපාලන සතුරන් වන ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය ඔක්තෝබර් 24 දා ඩුබායි ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.

විස්සයි20 ලෝක කුසලාන සඳහා ප‍්‍රවේශ පත් අලෙවි කළ වෙබ් අඩවිය ඔස්සේ අති නවීන ඩුබායි ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ ආසන සියල්ල විකිණී ඇත. ටිකට් පත් අලෙවි කිරීම සඳහා වෙබ් අඩවිය විවෘත කර ඇති බව අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව (අයි.සී.සී) විසින් නිවේදනය කළ විගස දහස් ගණන් රසිකයන් තම ආසන වෙන් කරවා ගැනීම සඳහා වෙබ් අඩවියට පිවිස තම තමන්ගේ ප‍්‍රවේශපත් වෙන්කර ගත්හ.

කි‍්‍රකට් ලෝලීන් දස දහස් ගණනක් අන්තර්ජාලයේ පොරොත්තු ලේඛනයේ රැඳී සිටි අතර ඇස්තමේන්තු ගත පොරොත්තු කාලය පැයකට වඩා වැඩි විය. මේ අතර තමන් නිල වශයෙන් මිලදී ගත් ටිකට්පත් විකිණීමට කැමති දැයි විමසමින් පේ‍්‍රක්‍ෂකයන් කිහිප දෙනෙකු පසුගිය සඳුදා සමාජ මාධ්‍ය වෙත පණිවිඩ තබා තිබුණි.

විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය ඔක්තෝම්බර් 17 වන දින  ඕමානයේ මස්කට් නුවරදී ආරම්භ වන අතර නොවැම්බර් 14 දා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී අවසන් මහ තරගය පැවැත්වීමට නියමිතය.

සුදුසුකම් ලබාගැනීමේ වටයේ තරග 12 න් 6 ක්  ඕමානයේදී පැවැත්වෙන අතර ඉතිරි සුදුසුකම් ලබාගැනීමේ තරග 6 ත්, සුපිරි කණ්ඩායම් 12 අතර සියළු තරගත්, අවසන් පූර්ව තරග 2 ක සහ අවසන් මහ තරගය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වේ.

අවසන් මහා තරගය නොවැම්බර් 14 දා ඩුබායිහිදී පැවැත්වේ.

- 2079

 


අදහස් (0)

ඉන්දු - පාකිස්තානු තරගයේ ප‍්‍රවේශපත් අවසන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.