Last Update  :  2026-02-05 14:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඉන්දීය යොවුන් පිල අවසන් තරගයට

ඉන්දීය යොවුන් පිල අවසන් තරගයට

editorial - 2026 පෙබ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සිම්බාබ්වේහිදී සහ නැමීබියාවේදී පැවැත්වෙන වයස 19 න් පහළ එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට ඉන්දීය යොවුන් ක්‍රීඩකයෝ සමත් වූහ. ඒ අද (4 වැනිදා) පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී ඇෆ්ඝනිස්ථාන යොවුන් කණ්ඩායමට එරෙහිව ලකුණු කඩුලු 7 ක පහසු ජයක් වාර්තා කරමිනි.

ජයග්‍රහණය සඳහා ලකුණු 311 ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය යොවුන් ක්‍රීඩකයෝ ඕවර 41.1 ක් අවසානයේ කඩුලු 3 ක් පමණක් දැවී ඉලක්කය සපුරා ගත්හ. තරගයේ වීරයා බවට පත්වූ ආරම්භක පිතිකරු ඒරන් ජෝජ් පන්දු 104 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 15 ක් සමග නොදැවී ලකුණු 115 ක් රැස්කරමින් ඉන්දීය යොවුන් කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය. 

වයිබව් සූර්යවංශි (68) සමග එක්ව ආරම්භක කඩුල්ල වෙනුවෙන් පන්දු 57 කදී ලකුණු 90 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ජෝජ්, ඉන් නොනැවතී නායක අයුෂ් මහත්‍රී (62) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 101 කදී ලකුණු 114 ක්ද, විහාන් මල්හෝත්‍රා (නොදැවී 38) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 79 කදී ලකුණු 94 ක්ද එක්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය. 

එහිදී පන්දු 33 කට මුහුණදුන් සූර්යවංශි හයේ පහර 4 කින් සහ හතරේ පහර 9 කින් සිය අර්ධ ශතකය සැරසූ අතර පන්දු 59 කදී වාර්තා වූ නායක අයුෂ්ගේ අර්ධ ශතකයට හයේ පහර 4 ක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් විය. විහාන් පන්දු 47 කදී ලකුණු 38 ක් රැස්කළේ හතරේ පහර 3 ක් සමගිනි. 

කාසියේ වාසියා දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්ථාන යෞවනයෝ ඕවර 50 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 310 ක් ලබාගත්හ. එහිදී අගනා පිතිහරඹයන්හි නිරත වූ ෆයිසාල් ශිනොසාදා (110) සහ උසරුල්ලා නයිසායි (නොදැවී 101) ශතක වාර්තා කළහ. පන්දු 15 කදී වාර්තා වූ ෆයිසාල්ගේ ශතකය හතරේ පහර 15 කින්ද, පන්දු 86 කදී වාර්තා වූ උසරුල්ලාගේ ශතකය හයේ පහර 2 කින් සහ හතරේ පහර 12 කින්ද සමන්විත විය. 


ඇෆ්ඝනිස්ථාන යොවුන් පිල - ඕවර 50 කදී කඩුලු 4 ක් දැවී 310 
(ඔස්මන් සදාත් 39, ඛලීඩ් අහමඩ්සායි 31, ෆයිසාල් ශිනොසාදා 110, උසරුල්ලා නයිසායි නොදැවී 101, කනිෂ්ක් චෞහාන් 55/2, දීපේෂ් දේවේන්ද්‍රන් 64/2) 

ඉන්දීය යොවුන් පිල - ඕවර 41.1 කදී කඩුලු 3 ක් දැවී 311  
(ඒරන් ජෝජ් 115, වයිබව් සූර්යවංශි 68, අයුෂ් මහත්‍රී 62, විහාන් මල්හෝත්‍රා නොදැවී 38, නූරිස්තානි ඔමර්සායි 62/2) 

-036 


අදහස් (0)

ඉන්දීය යොවුන් පිල අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.