Last Update  :  2025-12-22 21:13:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඉන්දීය යොවුන් පිලට කඩුලු 6 ක ජයක්

ඉන්දීය යොවුන් පිලට කඩුලු 6 ක ජයක්

Nisanka Sandeepani - 2018 ජුලි මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල සහ ඉන්දීය වයස 19 න් පහළ පිල අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී අද (30) පැවැති පළමු තරගයෙන් ඉන්දීය යොවුන් ක්‍රීඩකයෝ කඩුලු 6 ක පහසු ජයක් ලැබීමට සමත් වූහ. 
 
ඉන්දීය පිල ලකුණු 144 ක ජයග්‍රාහි ඉලක්කය ඕවර 37.1 කදී කඩුලු 4 ක් පමණක් දැවී සම්පූර්ණ කළේය.
 
 සිවුදින තරගාවලියේ ඉන්දීය පිල මෙහෙයවූ අනුජ් රාවට් පන්දු 85 කදී හතරේ පහර 5 ක් සමගින් ලකුණු 50 ක් රැස් කළේය. 
 
ඉන්දීය පන්දුයවන්නෝ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා යොවුන් පිල ලකුණු 143 ක සීමා කිරීමට සමත් වූහ.
නිපුන් මාලිංග (38) සහ නවීන් නිර්මාල් (10) නවවැනි කඩුල්ල ගොඩනැගූ ලකුණු 38 ක සම්බන්ධතාව නොවන්ට ඉන්දීය පිලේ ජයග්‍රහණය මීට වඩා පහසු වීමට ඉඩ තිබුණි.
 
නිපුන් මාලිංග පන්දු 39 කදී හතරේ පහර 3 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 38 ක් රැස් කළේය. 
 
  මෙහිදී ශ්‍රී ලංකා  ඉදිරි පෙළ නිත්‍ය පිතිකරුවන් ඉනිම ආරම්භයේදීම දැවී යෑම කඩා වැටීමට ප්‍රධාන හේතුව බවට පත්විය. ඉදිරි පෙළ පිතිකරුවන් පස්දෙනා අතරින් නායක නිපුන් ධනංජය පමණක් තරමක් හෝ සාර්ථක වෙමින් ලකුණු 33 ක් රැස් කළේය.
 
ඉන්දීය පිලේ නායකයා ලෙස සිවුදින තරගාවලියේදී අනුජ් රාවට් කටයුතු කළ ද එහිදී රාවට් පිතිකරුවකු මෙන්ම කඩුලු රකින්නා ලෙස ද, අසාර්ථක විය. ඒ හේතුවෙන් ආර්යන් ජුයල් ඊයේ තරගයේදී නායකයා සහ කඩුලු රකින්නා ලෙස කටයුතු කළේය.
 
ශ්‍රී ලංකා පිලේ වෙනස් පහක් කරමින් නවෝද් පරණවිතාන, ලක්‍ෂිත රසාංජන, නවීන් නිර්මාල්, අවිෂ්ක ලක්‍ෂාන් සහ ආබාධයකට ලක්ව සිටි දුනිත් වෙල්ලාලගේ මෙම තරගයට කැඳවා සිටියහ.
දෙපිල අතර දෙවැනි එක්දින තරගය කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී අගෝස්තු 02 පැවැත්වීමට නියමිතය.    
 
ලකුණු පුවරුව
 
ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල
 
නවෝද් පරණවිතාන -ප. ජන්ග්‍රා 15
නිෂාන් මධුෂ්ක - ඇ. ජුයල් ප. ජන්ග්‍රා 0
නිපුන් ධජනංජය -ඇ. ජුයල් ප. දේව් ගව්‍රඞ් 33
නුවනිඳු ප්‍රනාන්දු - ඇ. ජුයල් ප. මැග්වානි 6
පසිඳු සූරියබණ්ඩාර -ඇ. රාවට් ප. දේසායි 4
දුනිත් වෙල්ලාලගේ - ඇ. ටයිඬේ ප. බදෝනි 13
සඳුන් මෙන්ඩිස් - ඇ. පවන් ප. දේසායි 4
ලක්‍ෂිත රසාංජන -ස්ටම්ප් ජුයල් ප. බදෝනි 9
නිපුන් මාලිංග -ප. දේව් ගව්‍රඞ් 38
නවීන් නිර්මාල් -ඇ. ටයිඬේ ප. දේව් ගව්‍රඞ් 10
අවිෂ්ක ලක්‍ෂාන් -නොදැවී 1
අතිරේක 10
එකතුව ඕවර 38.4 කදී සියලු දෙනා දැවී 143
 
කඩුලු වැටීම:
1-16(මධුෂ්ක), 2-29(පරණවිතාන), 3-42(නුවනිඳු), 4-49(සූරියබණ්ඩාර), 5-68(ධනංජය), 6-76(සඳුන්), 7-84(වෙල්ලාලගේ), 8-99(රසාංජන), 9-137(නිර්මාල්), 10-143(මාලිංග)
 
පන්දු යැවීම:
මෝහිත් ජන්ග්‍රා: 7-1-14-2, යාටින් මැග්වානි: 7-1-35-2, අජේයි දේව් ගව්‍රඞ්: 6.4-2-18-3, අයාෂ් බදෝනි: 9-0-37-2, සිද්ධාර්ත් දේසායි: 8-1-25-1, සමීර් චෞද්‍රි: 1-0-8-0
 
ඉන්දීය වයස 19 න් පහළ පිල
පවන් ෂා -ඇ. මධුෂ්ක ප. රසාංජන 12
අනුජ් රාවට් - ප. සඳුන් 50
යෂාස්වි ජස්වල් - ඇ. ලක්‍ෂාන් ප. රසාංජන 15
ආර්යන් ජුයල් - ඇ. නුවනිඳු ප. ලක්‍ෂාන් 20
සමීර් චෞද්‍රි - නොදැවී 31
අතර්වා ටයිඬේ - නොදැවී 9
අතිරේක 7
එකතුව ඕවර 37.1 කදී කඩුලු 4 ක් දැවී 144
 
කඩුලු වැටීම:
1-25(පවන්), 2-54(ජස්වල්), 3-93(ජුයල්), 4-113(රාවට්)
 
පන්දු යැවීම: 
නිපුන් මාලිංග: 2-0-15-0, නවීන් නිර්මාල්: 6-1-20-0, ලක්‍ෂිත රසාංජන: 9-0-31-2, අවිෂ්ක ලක්‍ෂාන්: 8.1-0-40-1, දුනිත් වෙල්ලාලගේ: 8-0-22-0, සඳුන් මෙන්ඩිස්: 4-1-15-1
 
 

අදහස් (0)

ඉන්දීය යොවුන් පිලට කඩුලු 6 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.