Last Update  :  2025-08-15 15:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඉන්දීය ක්‍රීඩකයෝ 2-1 කින් කොදෙව්වන් පරදවති

ඉන්දීය ක්‍රීඩකයෝ 2-1 කින් කොදෙව්වන් පරදවති

editorial - 2019 දෙසැ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව කටක්හිදී පැවැති තෙවැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් කඩුලු 4 ක ජයක් අත්කර ගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ (22 වැනිදා) සමත් විය. ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 2-1 ක් ලෙස ජය ගැනීමටද ඉන්දීය ක්‍රීඩකයෝ සමත් වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 316 ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය කණ්ඩායම පන්දු 8 ක් ඉතිරිව තිබියදී කඩුලු 6 ක් පමණක් දැවී එම ඉලක්කය සපුරා ගත්තේය. රවින්ද්‍ර ජදේජා (නොදැවී 39) සහ ශර්දුල් ඨාකුර් (නොදැවී 17) එක්ව හත්වැනි කඩුල්ල වෙනුවන් පන්දු 15 කදී ලකුණු 30 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනගමින් ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියහ.

එහිදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ විරාට් කොලි පන්දු 81 කදී හතරේ පහර 9 ක් සමග ලකුණු 85 ක් රැස්කළ අතර රොහිත් ශර්මා (63) සහ ලොකේෂ් රාහුල් (77) ආරම්භක කඩුල්ල වෙනුවෙන් පන්දු 128 කදී ලකුණු 122 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමූහ. පන්දු 63 කදී වාර්තා වූ ශර්මාගේ අර්ධ ශතකයට හයේ පහරක් සහ හතරේ පහර 8 ක් ඇතුළත් වූ අතර පන්දු 89 කදී වාර්තා වූ රාහුල්ගේ අර්ධ ශතකය හයේ පහරකින් සහ හතරේ පහර 8 කින් සමන්විත විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 315 ක් රැස්කළ අතර එහිදී වේගවත් පිතිහරඹයක නිතර වූ නායක කිරන් පොලාඞ් පන්දු 51 කදී නොදැවී ලකුණු 74 ක් රැස්කළේ හයේ පහර 7 ක් සහ හතරේ පහර 3 ක් සමගිනි. නිකලස් පූරන් (89) සමග එක්ව 5 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 98 කදී ලකුණු 135 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද පොලාඞ් සමත් විය. පන්දු 64 කට මුහුණදුන් පූරන් සිය අර්ධ ශතකය හයේ පහර 3 කින් සහ හතරේ පහර 10 කින් සැරසීය.

ආරම්භක පිතිකරු ශායි හෝප් පන්දු 50 කදී හතරේ පහර 5 ක් සහ 42 ක්ද, රොස්ටන් චේස් පන්දු 48 කදී හතරේ පහර 3 ක් සමග ලකුණු 38 ක්ද, ශිම්රන් හැට්මෙයර් පන්දු 33 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 37 ක්ද රැස්කරමින් කොදෙව් ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.  

කොදෙව් පිල - ඕවර 50 කදී කඩුලු 5 ක් දැවී 315
(එවින් ලුවිස් 21, ශායි හෝප් 42, රොස්ටන් චේස් 38, ශිම්රන් හැට්මෙයර් 37, නිකලස් පූරන් 89, කිරන් පොලාඩ් නොදැවී 74, නව්දීප් සයිනි 58/2)

ඉන්දීය පිල - ඕවර 48.4 කදී කඩුලු 6 ක් දැවී 316
(රෝහිත් ශර්මා 63, ලොකේෂ් රාහුල් 77, විරාට් කෝලි 85, රවින්ද්‍ර ජදේජා නොදැවී 39, කීමෝ පෝල් 59/3)

-036


අදහස් (0)

ඉන්දීය ක්‍රීඩකයෝ 2-1 කින් කොදෙව්වන් පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.