Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඇෆ්ඝනිස්ථාන - අයර්ලන්ත තරගය අතහැර දමයි

ඇෆ්ඝනිස්ථාන - අයර්ලන්ත තරගය අතහැර දමයි

editorial - 2022 ඔක් මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

මෙල්බර්න් ක්‍රීඩාංගණයට දිගින් දිගටම ඇදහැළුනු වර්ෂාව හේතුවෙන් ඇෆ්ඝනිස්ථානය සහ අයර්ලන්තය අතර අද (28 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබූ ලෝක කුසලාන තරගයේ එකම පන්දුවක් හෝ නොයවා අතහැර දමන ලදි.

මෙල්බරන් නුවරට පවතින වර්ෂාව ශ්‍රී ලංකාවේ තරම් විශාල වර්ෂාවක් නොවුණත්, ක්‍රිකට් තරගයක් ආරම්භ කිරීමට නොහැකි තරමට එය බලපෑමක් ඇතිකරයි. මඳ වර්ෂාව මෙන්ම දැඩි අඳුර සහිත කාලයගුණය නිසා පස්වරු 2.30 ට ආරම්භවීමට නියමිතව තිබූ තරගයේ කාසියේ වාසිය ප්‍රමාද කිරීමට ඒඩි්‍රයන් හෝල්ඩ්ස්ටොක් සහ අලීම් දාර් විනිසුරුවරු තීරණය කළහ.

පස්වරු 3.00 වන විටත් ක්‍රීඩාංගණයේ තණතීරු ආවරණ ඉවත්කරගත නොහැකි විය. 3.30 වන වට නැවතත් වර්ෂාව ඇතිවී තිබුණු අතර එය පස්වරු 4.00 පසුවී යන තුරුත් පැවතිණ. පස්වරු 4.30 කට පමණ පිටියට පැමිණි විනිසුරුවරු සහ දෙපිලේ නායකයෝ තරගය අතහැර දැමීමට තීරණය කළහ.

12 දෙනාගේ  වටයට සුදුසුකම් ලබාගත් නමුත් ඇෆ්ඝනිස්ථානයට තවමත් එකම තරගයක් හෝ ජයගැනීමට හැකිවී නැත. නවසීලන්තයට සහ අයර්ලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිතව තිබූ ඔවුන්ගේ තරග දෙකක් වර්ෂාවට සේදී ගියද ප්‍රසාද ලකුණු 2 ක් හිමිවී තිබේ. එහෙත් එංගලන්තය හමුවේ ලද පරාජය හේතුවෙන් ඇෆ්ඝනිස්ථානය ප්‍රසාද ලකුණු සටහනේ පහළටම වැටී සිටී. 

 


අදහස් (0)

ඇෆ්ඝනිස්ථාන - අයර්ලන්ත තරගය අතහැර දමයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.