Last Update  :  2025-05-01 21:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඇෆ්ඝනිස්තාන ‘ඒ’ පිලට ලකුණු 616 ක ඉලක්කයක්

ඇෆ්ඝනිස්තාන ‘ඒ’ පිලට ලකුණු 616 ක ඉලක්කයක්

editorial - 2025 මැයි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සහ ඇෆ්ඝනිස්ථාන ‘ඒ’ කණ්ඩායම අතර අබුඩාබි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය වූ අද (1 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට ජයග්‍රහණය සඳහා ලකුණු 616 ක ඉලක්කයක් හඹායමින් සිටි ඇෆ්ඝනිස්ථාන ‘ඒ’ කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 132 ක් ලබා සිටියේය. 

ඒ අනුව ඇෆ්ඝනිස්ථාන ‘ඒ’ කණ්ඩායම කඩුලු 7 ක් අතැතිව ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 483 ක් පසුපසින් සිටියි. තෙවැනි දිනය අවසානයේ නායක දර්විෂ් රසූලි හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමග නොදැවී ලකුණු 59 ක්ද, අෆ්සර් සසායි හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමග නොදැවී ලකුණු 51 ක්ද ලබා කඩුල්ලේ රැදී සිටියහ. 

දෙවැනි දිනය වූ ඊයේ (30 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට කඩුල්ලක් දැවී ලකුණු 98 ක් ලබා සිටි ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අද දිනයේදී සිය පළමු ඉනිමට තවත් ලකුණු 278 ක් එක්කර ගත්තේය. එහිදී නුවනිඳු ප්‍රනාන්දු (102), නායක පසිඳු සූරියබණ්ඩාර (නොදැවී 100) සහ පවන් රත්නායක (නොදැවී 100) ශතක ලබාගනිමින් අගනා පිතිහරඹයන්හි නිරත වූහ.
 
කමිල් මිෂාර (53) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 138 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට නුවනිඳු සමත් වූ අතර පසිඳු සහ පවන් එක්ව ශ්‍රී ලංකා ‘ඒ’ ඉනිමේ 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 189 ක නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩනැගූහ. පසිඳුගේ ශතකය හතරේ පහර 8 කින්ද, පවන්ගේ ශතකය හයේ පහර 2 කින් සහ හතරේ පහර 9 කින්ද සමන්විත විය. 


ශ්‍රී ලංකා ‘ඒ’ පළමු ඉනිම - සියලු දෙනා දැවී 406 
(ළහිරු උදාර 107, කමිල් මිෂාර 35, නුවනිඳු ප්‍රනාන්දු 17, සධීර සමරවික්‍රම 44, පවන් රත්නායක 19, සෙනාල් දිනූෂ නොදැවී 104, ඉසිත විජේසුන්දර 19, බෂීර් අහමඩ් 77/4, සියාවුර් රහමන් 93/2) 

ඇෆ්ඝනිස්ථාන ‘ඒ’ පළමු ඉනිම - සියලු දෙනා දැවී 168 
(බහිර් ෂා 21, අෆ්සාර් සසායි 54, ශමස් උර් රහමන් 20, සියාවුර් රහමන් 22, ඉසිත විජේසුන්දර 35/6, තරිඳු රත්නායක 26/3) 

ශ්‍රී ලංකා ‘ඒ’ දෙවැනි ඉනිම - කඩුලු 4 ක් දැවී 376 
(කමිල් මිෂාර 53, නුවනිඳු ප්‍රනාන්දු 102, පසිඳු සූරියබණ්ඩාර නොදැවී 100, පවන් රත්නායක නොදැවී 100) 

ඇෆ්ඝනිස්ථාන ‘ඒ’ දෙවැනි ඉනිම - කඩුලු 3 ක් දැවී 132 
(දර්විෂ් රසූලි නොදැවී 59, අසාෆ් සසායි නොදැවී 51) 

-036 


අදහස් (0)

ඇෆ්ඝනිස්තාන ‘ඒ’ පිලට ලකුණු 616 ක ඉලක්කයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.