Last Update  :  2025-10-15 21:03:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඇලෝසියස්වරුන්ගේ සටන සෙනසුරාදා

ඇලෝසියස්වරුන්ගේ සටන සෙනසුරාදා

editorial - 2025 ඔක් මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රත්නපුර විශේෂ අප්සරා යෝසිත් විජේසූරිය)

රත්නපුර  ශාන්ත ඇලෝසියස් ජාතික පාසලේ  127 වන  සංවත්සරය වෙනුවෙන්  රත්නපුර   ඇලෝසියස් ජාතික පාසල සහ  ගාල්ල  ශාන්ත  ඇලෝසියස් විද්‍යාලය අතර “ඇලෝසියන්වරුන්ගේ සටන" සීමිත ඕවර එක්දින ක්‍රිකට් තරඟය ඔක්තෝබර්   11 දින  රත්නපුර සීවලී  මහජන ක්‍රීඩාංගනයදී  පැවැත්වේ. 

වසර 127ක් සපිරෙන රත්නපුර ඇලෝසියස් විදුහලේ සමාරම්භක දිනය වන සැප්තැම්බර් 19 දිනට සමගාමීව  මෙවර  “ඇලෝසියන්වරුන්ගේ  සටන"   පැවැත්වේ.

ඕවර 50 ක තරගයක් ලෙසින් මෙම ක්‍රිකට් තරඟය පැවැත්වෙන බව  රත්නපුර ඇලෝසියස් විද්‍යාලයේ  විදුහල්පති    ඩී.එම්.මද්දුම බණ්ඩාර මහතා පැවසුවේය.

රත්නපුර ඇලෝසියස් විද්‍යාලයේ ක්‍රිකට්  ක්‍රීඩාව මීට වසර 120 කට  පෙර ගැස්පසි  පියතුමන්  හා ගුයිඩා  පියතුමන්ගේ  මූලිකත්වයෙන්  1905 දී ආරම්භ වී තිබේ.  රත්නපුර ශාන්ත ඇලෝසියස් විදුහල  1898 දීත්,  ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලය 1895 දීත්   ආරම්භ කර ඇති බව ඉතිහාසගත   තොරතුරු අනුව  සඳහන්වෙයි.

 

01.රත්නපුර ඇලෝසියස් විද්‍යාලය ක්‍රිකට් කණ්ඩායම

ඉදිරි පෙළ වමේ සිට

ඔචින්ත ජයමිත්,  උපුල් කුමාර මහතා (පුහුණුකරු),  ධනුෂ්ක ලක්මාල්  මහතා (ක්‍රිකට් ක්‍රීඩා භාර ආචාර්ය), තිසරු  පබසර( උපනායක), ඩී.එම්. මද්දුම බණ්ඩාර මහතා (විදුහල්පති), සිතිජ ලක්ෂාන් ( කණ්ඩායම් නායක), කුෂානි  සමරකෝන් මහත්මිය (ක්‍රීඩා අංශ  ප්‍රධානී),  අතුල කුමාර මහතා (පුහුණුකරු),  අශේන් අංජන මහතා (සහය පුහුණුකරු),  භානුක ජනිත්ප්‍රිය, චානුක ධනංජය

පසු පෙළ වමේ සිට

චමෝද් සිත්මිණ, අශේන් උදයංග, චමත්  ප්‍රියංකර,  හිරුණ කේතක, දිසස් දිනුලක,  සසින්දු දිලක්ෂිත, තුහින අනුහස්, ලෝචන සහස්,  පසිඳු තිවංක,  ශසිත් ආකශ්,  විනුජ තත්සර,  උධීර ජයතිලක

 

ගාල්ල ඇලෝසියස් විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායම

ඉදිරි පෙළ වමේ  සිට

ශ්‍රීනිකා ප්‍රියන්ගනී මහත්මිය ( ක්‍රීඩාභාර  ආචාර්ය), ප්‍රසාද් මිහිරාන් මහතා (ක්‍රිකට් ක්‍රීඩාභාර ආචාර්ය), ඔසඳ විතානගේ (කණ්ඩායම් නායක),  ඒ.ජේ.පී. පුබුදු සම්පත් මහතා(විදුහල්පති), එස්.එස්.නාගහවත්ත මහතා( නියෝජ්‍ය විදුහල්පති - ක්‍රීඩා භාර),   දුල්සාත්  නිම්විරු,  කාවින්ද  සුරේශන මහතා(ප්‍රධාන පුහුණුකරු),

පසු පෙළ වමේ සිට

සසින්ඳු රන්දීප,  විනුද රවිශාන්, ජෙනිත්  අකේන්, මෙත්සාන් ලක්මිණ, හිරුවි නිම්තරණ, ගිම්හාන්  හංසක, කුවින්දු  පියුමාල්, සේවිත දුල්මල්,  තිනුක ගීනෙත්, චනුල්  සංකේත්, විනෝද ධනුෂ්ක, චනුල් නෙත්මිණ, සසින්ඳු  මදුසර, චානුක සදෙව්


අදහස් (0)

ඇලෝසියස්වරුන්ගේ සටන සෙනසුරාදා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.