Last Update  :  2025-09-08 14:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඇලවීෂියස් ඉසිපතනය පරදයි

ඇලවීෂියස් ඉසිපතනය පරදයි

සංජය එරමුදුගොඩ - 2016 අප්‍රේ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ විස්සයි20 කි‍්‍රකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ගාල්ල ඇලවීෂියස් විදුහල සමත් විය.

කොළඹ කෝල්ට්ස් කී‍්‍රඩාංගණයේදී පැවැති පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරගයෙන් කොළඹ ඉසිපතන විදුහල පරදවා කඩුලූ 2 ක ජයක් ලබා ගනිමින් ඇලවීෂියස් විදුහල අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 105 ක ඉලක්කයක් හඹාගිය ඇලවීෂියස් විදුහල් කණ්ඩායම පන්දු 2 ක් ඉතිරිව තිබියදී කඩුලූ 8 ක් දැවී එම ඉලක්කය පසු කර ගියේය.


ඉසිපතන විදුහල - ඕවර 19.5 කදී සියලූ දෙනා දැවී 104
(විෂාද් රන්දික 25, ප‍්‍රමෝද් මධුවන්ත 17, රවිඳු සංජන 10/4, සජිත් සංකල්ප 17/4)
 
ඇලවීෂියස් විදුහල - ඕවර 19.4 කදී කඩුලූ 8 ක් දැවී 106  
(ගිහාන් නිරොෂන් නොදැවී 37, නවිඳු නිර්මාල් 17, ළහිරු දිල්ෂාන් 19/3)

 


අදහස් (0)

ඇලවීෂියස් ඉසිපතනය පරදයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.