Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ආසියානු කුසලාන තරගාවලිය ශී‍්‍ර ලංකාවේදී

ආසියානු කුසලාන තරගාවලිය ශී‍්‍ර ලංකාවේදී

editorial - 2021 ඔක් මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු කුසලාන ක‍්‍රිකට් තරඟාවලිය ලබන වසරේ (2022) ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට පසුගියදා පැවැති අසියානු කි‍්‍රකට් සම්මේලන විධායක කමිටු රැස්වීමේදී තීරණය කෙරුණි. ඒ අනුව 2023 දී පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන ක‍්‍රිකට් තරඟාවලිය පාකිස්තානයේදී පැවැත්වෙනු ඇත.

ලබන වසරේ ඔක්තෝම්බර්-නොවැම්බර් මාසවල දී  ඕස්ටේ‍්‍රලියාවේදී  විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය පැවැත්වෙන බැවින් ආසියානු කුසලාන ක‍්‍රිකට් තරඟාවලියද විස්සයි20 තරගාවලියක් ලෙස පැවැත්වෙනු ඇත. එය සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතය.

මෙම තරගාවලිය 2020 වසරේ පාකිස්තානයේදී පැවැත්වීමට නියමිතව තිබුණද කෝරෝනා වසංගතය හමුවේ කල්දැමීමට සිදුවිය.

ලබන වසරේ පැවැත්වෙන තරඟාවලියේ සත්කාරකත්වය දැරීම සඳහා සත්කාරක අයිතිය හුවමාරු කර ගැනීමට පාකිස්ථානු ක‍්‍රිකට් මණ්ඩලය විසින් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සමඟ ගිවිසුමක් ඇති කරගෙන තිබිණ. කොරෝනා වසංගතය හේතුවෙන් 2020 වසරේදී අවලංගු කරන ලද තරගාවලිය මෙම වසරේදී ශ‍්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබුණ නමුත් ඉන්දියාව ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහ තරගයට පිවිසීමත්, ඒ වනවිට ශ්‍රී ලංකාව තුල පැවැති කොරෝනා වයිරසයේ බලපෑමත් හේතුවෙන් තරගාවලිය අත්හිටුවන ලදී.

ආසියානු කුසලාන ක‍්‍රිකට් තරඟාවලිය ආරම්භයේ සිටම  ඕවර 50 තරගාවලියක් ලෙස පැවැතුණි. නමුත් 2016 වසරේ සිට ආසියානු කුසලාන ක‍්‍රිකට් තරගාවලියට ආසන්නතම අයි.සී.සී ඉසව්ව බලපෑවේය. 2019 ලෝක කුසලාන තරගාවලිය සැලකිල්ලට ගනිමින් ඊට කලින් පැවති ආසියානු කුසලාන ක‍්‍රිකට් තරගාවලිය  ඕවර 50 තරගාවලියක් ලෙස පැවැතුණි.


- 2079

 


අදහස් (0)

ආසියානු කුසලාන තරගාවලිය ශී‍්‍ර ලංකාවේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.