Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ සීමිත ඕවර කි‍්‍රකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ ආනන්ද විදුහල අද (26 වැනිදා) සමත් විය.
මොරටුව වේල්ස් කුමර විදුහලට එරෙහිව බම්බලපිටිය ශාන්ත පීතර විදුහල් කී‍්‍රඩාංගණයේදී පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයෙන් ලකුණු 67 ක ජයක් අත්කර ගනිමින් ආනන්ද විදුහල අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.
ජයග‍්‍රහණය සඳහා ලකුණු 201 ක ඉලක්කයක් හඹාගිය වේල්ස් කුමර විදුහල් කණ්ඩායම ලකුණු 133 කට සීමා කිරීමට ආනන්ද විදුහල් පන්දුයවන්නෝ සමත් වූ අතර දක්ෂ පන්දු යැවීමක නිතර වූ වමතින් දඟ පන්දුයවන අසෙල් සිගේරා කඩුලූ 4 දවාගත්තේය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් නාලන්දා විදුහල වෙන්වෙන් පන්දු 88 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 58 ක් රැස්කිරීමට නිපුන් හග්ගල්ල සමත් විය.
පෙර අර්ධ අවසන් පූර්ව වටයේදී මරදාන ශාන්ත ජෝෂප් විදුහල පරාජය කරමින් ආනන්ද විදුහල අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත් අතර වේල්ස් කුමර විදුහල අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේ පෙර අර්ධ අවසන් පූර්ව වටයේදී ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල පරාජය කරමිනි.
ආනන්ද විදුහල - ඕවර 49.1 කදී සියලූ දෙනා දැවී 200
(අසේල් සිගේරා 24, නිපුන් හග්ගල්ල 58, දිනුක ගිම්හාන 44, ඩිලංක මධුරංග 28/2, අංජුල සහන් 32/2, සුවත් මෙන්ඩිස් 44/2)
වේල්ස් කුමර විදුහල - ඕවර 43.4 කදී සියලූ දෙනා දැවී 133
(විහඟ වීරක්කොඩි 25, සුවත් මෙන්ඩිස් 21, සනෝජ් දර්ශික 23, අසේල් සිගේරා 21/4, සම්මු අශාන් 13/3, දිලීප ජයලත් 13/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.