Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහ තරගය මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල සහ මහනුවර ති‍්‍රත්ව විදුහල අතර හෙට (1 වැනිදා) කොළඹ ආර්. පේ‍්‍රමදාස ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.
දෙවැනි වටයේදී මොරටු විද්‍යාලය පරාජය කළ ශාන්ත සෙබස්තියන් විදුහල, පෙර අර්ධ අවසන් පූර්ව වටයේදී කොළඹ රාජකීය විදුහලද, අර්ධ අවසන් පූර්ව වටයේදී ඉසිපතන විදුහලද, අවසන් පූර්ව වටයේදී ආනන්ද විදුහලද පරාජය කරමින් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය. ආනන්ද විදුහල ඉකුත් වසරේ අනු ශූරයන් වූ කණ්ඩායමයි.
දෙවැනි වටයේදී මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහල පරාජය කළ ති‍්‍රත්ව විදුහල, අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ පෙර අර්ධ අවසන් පූර්ව වටයේදී කොළඹ ලූම්බිණි විදුහලද, අර්ධ අවසන් පූර්ව වටයේදී බම්බලපිටිය ශාන්ත පීතර විදුහලද, අවසන් පූර්ව වටයේදී නාලන්දා විදුහලද පරාජය කරමිනි.
ශාන්ත සෙබස්තියන් විදුහල් කණ්ඩායමේ නායකයා ලෙස අවිෂ්ක ප‍්‍රනාන්දුද, උප නායකයා ලෙස සඳරුවන් ප‍්‍රනාන්දුද කටයුතු කරන අතර ති‍්‍රත්ව විදුහල් කණ්ඩායමේ නායකයා ලෙස රවීන් සේයර්ද, උප නායකයා ලෙස නුෂාන් වීරසිංහද කටයුතු කරති.
නාලන්දා විදුහල සමග 1996 වසරේ පැවැති තරගාවලියේ සම ශූරතාව දිනා ගැනීමට මාරියෝ රීස්ගේ නායකත්වය යටතේ තරග වැදුණ ශාන්ත සෙබස්තියන් විදුහල් කණ්ඩායම සමත්ව තිබේ. 2007 වසරේ පැවැති තරගාවලියේ අවසන් මහ තරගයේදී සිය සාම්ප‍්‍රදායික ප‍්‍රතිවාදීන් වන මොරටුව වේල්ස් කුමර විදුහල හමුවේ පරාජය වීම නිසා සචින්ත කුරේගේ නායකත්වය යටතේ තරග වැදුණ ශාන්ත සෙබස්තියන් විදුහල් කණ්ඩායමට අනු ශූරතාවෙන් සෑහිමකට පත් වීමට සිදුවිය.
නායක අවිෂ්ක ප‍්‍රනාන්දු, උප නායක සඳරුවන් ප‍්‍රනාන්දු, මිෂේන් සිල්වා, ප‍්‍රවීන් ජයවික‍්‍රම, නුවනිඳු ප‍්‍රනාන්දු, ප‍්‍රවීන් පෙරේරා, තරුෂ ප‍්‍රනාන්දු සහ නිමේෂ් බණ්ඩාර ශාන්ත සෙබස්තියන් විදුහල් කණ්ඩායමේ ප‍්‍රධානතම කී‍්‍රඩකයන් ලෙස හැදින්විය හැකිය.
2011 වසරේදී අකිල ජයසුන්දරගේ නායකත්වය යටතේද, 2012 වසරේ නිරෝෂන් දිත්වැල්ලගේ නායකත්වය යටතේද පිට පිට දෙවරක්ම මෙම තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ති‍්‍රත්ව විදුහල සමත් වී තිබේ.
නායක රවීන් සේයර්, උප නායක නුෂාන් වීරසිංහ, ශනෝගීත් ශන්මුගනාදන්, ඩිලාන් ජයලත්, ළහිරු කුමාර, දුවිඳු තිලකරත්න සහ හසිත බෝයගොඩ ති‍්‍රත්ව විදුහල් කණ්ඩායමේ වැඩි අවධානයක් දිනා සිටින කී‍්‍රඩකයෝ වෙති.
සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග‍්‍රහය යටතේ ශ්‍රී ලංකා පාසල් කි‍්‍රකට් සංගමය මෙම තරගාවලිය සංවිධානය කරයි.
ශාන්ත සෙබස්තියන් විදුහල් කණ්ඩායම -
අවිෂ්ක ප‍්‍රනාන්දු (නායක), සඳරුවන් ප‍්‍රනාන්දු (උප නායක), නිමේෂ් බණ්ඩාර, මිෂේන් සිල්වා, සචින්ත සිල්වා, ප‍්‍රවීන් පෙරේරා, නුවනිඳු ප‍්‍රනාන්දු, ප‍්‍රවීන් ජයවික‍්‍රම, මලින්ත පීරිස්, ගිහාන් සේනානායක, නිෂිත අභිෂේක්, ඬේමියන් ද බයිසර්, අශේර් වර්ණකුලසූරිය, පි‍්‍රෂේන් ප‍්‍රනාන්දු, තෂික පෙරේරා, තරුෂ ප‍්‍රනාන්දු, මෙවන් මුහන්දරම්ගේ, ඉමාල් බොතේජු (ප‍්‍රධාන පුහුණුකරු), මනෝජ් චානක (සහයක පුහුණුකරු), ෆ‍්‍රෑන්ක් කුරේ (කී‍්‍රඩාව භාර ආචාර්ය)
ති‍්‍රත්ව විදුහල් කණ්ඩායම -
රවීන් සේයර් (නායක), නුෂාන් වීරසිංහ (උප නායක), ශවිඳු අමරසිංහ, නවීන් ඒකනායක, සචිර ගාමින්ද, ළහිරු කුමාර, තෂිල දොඩන්වල, හසිත බෝයගොඩ, ශනෝගීත් ශන්මුගනාදන්, දුවිඳු තිලකරත්න, දිලාන් ජයලත්, යසරන් පිටවල, සංක චන්ද්‍රරත්න, තිසරු දිල්ෂාන්, හසින්ත ජයසූරිය, ත්‍යාගරාජා භානුගොබන්, ඒම්. ඒ. එම්. දිසානායක (කී‍්‍රඩාව භාර ආචාර්ය), රුෂාන් ජලීල් (සහයක පුහුණුකරු), කාවින්ද ජයසූරිය (පුහුණුකරු)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.