Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොරෝනා වෛරසය සඳහා වූ දෙවන පරීක්ෂණයෙන් සමත් වූ ජොෆ්රා ආචර් ඕල්ඩ්ට්‍රැෆර්ඩ් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය සඳහා එංගලන්ත සංචිතයට එක්වී සිටී.
සදම්ප්ටන්හිදී පැවැති පළමු ටෙස්ට් තරගයෙන් පසුව එංගලන්ත සංචිතයෙන් මිදී, කිසිවකුට නොදන්වා බ්‍රයිට්න්හි පිහිටි සිය නිවසට යාම හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව දෙවන ටෙස්ට් තරගයෙන් ආචර් ඉවත් කරන ලදි. කෙසේ වෙතත් මෙම තරගය ලකුණු 113 කින් ජයගත් එංගලන්ත කණ්ඩායම 1-1 ක් ලෙසින් ටෙස්ට් තරගාවලිය සම කළේය.
සිය නිවස බලා ගිය අවස්ථාවේදී ආචර් නම් නොකළ පුද්ගලයෙකු සමඟ සම්බන්ධ වී ඇති බව වාර්තාවේ. කෙසේ වෙතත් මෙම සිදුවීම හේතුවෙන් ඕල්ඩ්ට්‍රැෆර්ඩ් හි එංගලන්ත සංචිතය නතර වී සිටින හෝටලයේ හෝටලයේ දින පහක්ම තම කාමරයේ හුදෙකලා වීමට ජොෆ්රා ආචර්ට සිදුවිය. පසුගිය සතියේ පැවැති විනය පරීක්ෂණයකින් අනතුරුව එංගලන්ත ක්‍රිකට් මණ්ඩලය කියා සිටියේ ආචර් තෙවැනි ටෙස්ට් තරගය සඳහා තෝරා ගැනීමට ඉදිරිපත් වන බවයි.
එංගලන්ත – කොදෙව් තරගාවලිය මේ වන විට 1-1 ක් ලෙසින් සමවී තිබෙන අතර තුන්වැනි තරගය ලබන සිකුරාදා ඕල්ඩ්ට්‍රැෆර්ඩ් ක්‍රීඩාංගණයේදීම ආරම්භ වේ. මෙම තරගය ඉතාමත් තීරණාත්මක වන්නේ ‘විස්ඩන් කුසලාන‘ තරගාවලියේ ඉරණම මෙම තරගයේ තීරණය මත විසඳෙන බැවිනි.
පසුගිය වසරේදී බටහිර ඉන්දීය දූපත් සමූහයේදී පැවැති ටෙස්ට් තරගාවලිය ජයගැනීම නිසා විස්ඩන් කුසලානය බටහිර ඉන්දීය කොදෙව් පිල සතුව පවතී. එහෙත් කොදෙව් කණ්ඩායමක් වසර 32 කින් මෙපිට එංගලන්තයේදී ටෙස්ට් තරගාවලියක් ජයගෙන නැත. එබැවින් කොදෙව් පිලේ උත්සාහය වන්නේ තුන්වැනි තරගය ජයගෙන තරගාවලිය ජයගැනීමයි.
ලැන්කෂයර් ප්‍රාන්ත ක්‍රිකට් මූලස්ථානයේදී පැවති දෙවන ටෙස්ට් තරගයේ ජයග්‍රහණය සඳහා වේග පන්දු යවන්නන් වශයෙන් ස්ටුවර්ට් බ්‍රෝඩ්, ක්‍රිස් වෝක්ස් සහ සෑම් කරන් අගනා මෙහෙයක් කළහ. එහෙත් තවත් වේග පන්දු යවන්නන් වන ජේම්ස් ඇන්ඩසන්, මාක් වුඩ් සහ ජොෆ්රා ආචර් එංගලන්ත පිලේ ස්ථාන සොයමින් සිටිති.
තේරීම් කමිටුව ඉතා දුෂ්කර තීරණයකට මුහුණ දෙන නමුත් ආචර්ගේ හිතුවක්කාර තීරණය ඔහුට කණ්ඩායමේ ස්ථානය අහිමි වීමට හේතුවක් නොවනු ඇතැයි වාර්තා වේ.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.