රෙඞ්බුල් ආයතනය සංවිධානය කරන විශ්ව විද්‍යාල ක්‍රිකට් ලෝක ශූරතා තරගාවලියට සුදුසුකම් ලබාගැනීම සඳහා පැවැත්වෙන පිළිමලුන් පිටුදැකීමේ තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග හෙට (29 වැනිදා) කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇත.
මේ වනවිටත් ව්‍යාපාර කළමණාකාර පාසල, සිගීස් විශ්ව විද්‍යාලය, කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලය සහ සිනීගම ගුණ ජය සතුට පදනම යන කණ්ඩායම් අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට සමත්ව සිටිති.
තරග සැලැස්මේදී දෙනු ලබන වාසිය අනුව කණ්ඩායම් 8 ක් පෙර අර්ධ අවසන් පූර්ව වටය සඳහා සෘජුවම සුදුසුකම් ලබාගත් අතර ශ්‍රී ලංකා තොරතුරු තාක්‍ෂණ ආයතනය, ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය, ව්‍යාපාර කළමණාකරණය පිළිබඳ ජාතික පාසල සහ ව්‍යාපාර කළමණාකරණය පිළිබඳ ජාතික ආයතනය යන කණ්ඩායම් පරාජයට පත්කරමින් පිළිවෙලින් ව්‍යාපාර කළමණාකරන පාසල, සිනීගම ගුණ ජය සතුට පදනම, කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලය සහ සිගීස් විශ්ව විද්‍යාලය යන කණ්ඩායම් අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට සමත්වූහ.
අර්ධ අවසන් පූර්ව වටයේදී ව්‍යාපාර සහ තාක්‍ෂණය පිළිබඳ ජාත්‍යන්තර පාසල, මර්කරි පරිපාලන ආයතනය, තොරතුරු තාක්ෂණය පිළිබඳ ආසියා - ශාන්තිකර ආයතනය සහ ඊසොෆ්ට් යන කණ්ඩායම් පරාජයට පත්කිරීමට පිළිවෙලින් ව්‍යාපාර කළමණාකරන පාසල, සිනීගම ගුණ ජය සතුට පදනම, කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලය සහ සිගීස් විශ්ව විද්‍යාලය යන කණ්ඩායම් සමත්වූහ.
පෙර වසරේදී පාසල් කණ්ඩායම් මෙම තරගාවලියට යොදා ගත්තද මෙවර තරගාවලියේදී පාසල් කණ්ඩායම් ඉවත් කිරීම හේතුවෙන් පසුගිය වසරේදී අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගත් කොළඹ තර්ස්ටන් විදුහල් කණ්ඩායමට සිය ස්ථානය අහිමිව ගියේය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර වරම් හිමිකරගත් ක්‍රීඩකයින් මෙන්ම වයස 19 න් පහළ සහ දේශීය පළමු පෙළ කණ්ඩායම් නියෝජනය කළ ක්‍රීඩකයෝ රැසක් ව්‍යාපාර කළමණාකරණ පාසල, සිනීගම ගුණ ජය සතුට පදනම සහ සිගීස් විශ්ව විද්‍යාලයීය කණ්ඩායම් නියෝජනය කරති.
වනිඳු හසරංග, කමිඳු මෙන්ඩිස්, හසිත බෝයගොඩ, දිනුක් වික්‍රමනායක, සුපේෂල ජයතිලක, කොෂාන් ජයවික්‍රම, චාමික කරුණාරත්න යන ක්‍රීඩකයින් ව්‍යාපාර කළමණාකරන පාසල් කණ්ඩායම ශක්තිමත් කරන අතර තරිඳු කෞෂාල්, ධංනජය ලක්ෂාන්, රවීන් යසස්, ප්‍රමුද් හෙට්ටිවත්ත, රමේෂ් මෙන්ඩිස්, අශේන් බණ්ඩාර, පබසර වඩුගේ, චතුර මිලාන් යන ක්‍රීඩකයෝ සිනීගම ගුණ ජය සතුට පදනම් කණ්ඩායම නියෝජනය කරන ප්‍රබල ක්‍රීඩකයෝ වෙති. තීක්‍ෂිල ද සිල්වා, සඳුන් වීරක්කොඩි, ලසිත් අබේරත්න, ශෙහාන් ප්‍රනාන්දු, සහන් ආරච්චිගේ, සචිත ජයතිලක යන ක්‍රීඩකයන් විසින් සිගීස් විශ්ව විද්‍යාලයීය කණ්ඩායම ශක්තිමක් කරති.
අවසන් පූර්ව වටයේ තරග වලදී ජයගන්නා කණ්ඩායම් අතර අවසන් මහා තරගය අනිද්දා (30 වැනිදා) කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.