ගාල්ල සහ කොළඹ කණ්ඩායම් අතර මේ මස 20 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ අන්තර් පළාත් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය දින නියමයක් නොමැතිව කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (18 වැනිදා) තීරණය කළේය. මේ දිනවල පවතින වැසිබර කාළගුණය හේතුවෙන් අවසන් මහා තරගය කල් දැමීමට සිදුව ඇත.
දිවා-රාත්‍රී තරගයක් ලෙස ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබූ අවසන් තරගය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සජීවී රූපවාහිනී විකාශයක් සමගින් ප්‍රේක්‍ෂයන් හට නැරඹීමේ අවස්ථාව සලසා තිබුණි.
උපුල් තරංග නායකත්වය දරන ගාල්ල කණ්ඩායම ප්‍රසාද ලකුණු 19 ක් සහ තිසර පෙරේරා නායකත්වය දරන කොළඹ කණ්ඩායම ප්‍රසාද ලකුණු 15 ක් ලබාගනිමින් අවසන් මහ තරගය සදහා සුදුසුකම් ලබාගැනීමට සමත්වූහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.