Last Update  :  2025-12-22 21:13:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අවසන් තරගය අනිද්දා

අවසන් තරගය අනිද්දා

Nisanka Sandeepani - 2018 ජුනි මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ගාල්ල සහ කොළඹ කණ්ඩායම් අතර අන්තර් පළාත් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය මේ මස 10 වැනිදා පැවැත්වීමට ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.
පසුගිය දිනවල පැවැති වැසිබර කාලගුණය හේතුවෙන් මැයි මස 20 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ අන්තර් පළාත් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය දින නියමක් නොමැතිව කල් දැමීමට සිදුවිය.

දිවා රාත්‍රී තරගයක් ලෙස ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කලින් තීරණය කර තිබූනද දිවා තරගයක් ලෙස අනිද්දා තරගය පැවැත්වෙනු ඇත.

උපුල් තරංග නායකත්වය දරන ගාල්ල කණ්ඩායම ප්‍රසාද ලකුණු 19 ක් සහ තිසර පෙරේරා නායකත්වය දරන කොළඹ කණ්ඩායම ප්‍රසාද ලකුණු 15 ක් ලබාගනිමින් අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමට සමත්වූහ.

 


අදහස් (0)

අවසන් තරගය අනිද්දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.