Last Update  :  2025-09-08 19:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අවිශ්කගේ ඉනිමෙන් ශ. සෙබස්තියන් ඉදිරියට

අවිශ්කගේ ඉනිමෙන් ශ. සෙබස්තියන් ඉදිරියට

සංජය එරමුදුගොඩ - 2016 පෙබ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශී‍්‍ර ලංකා 19 න් පහළ කණ්ඩායම නියෝජනය කරන අවිෂ්ක ප‍්‍රනාන්දුගේ අගනා ශතකය (130) නිසා අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල සමත් විය.

කොළඹ ආනන්ද විදුහලට එරෙහිව කොළඹදී පැවැති පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරගයේදී වැඩි ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාවක් ලබාගනිමින් ශාන්ත සෙබස්තියන් විදුහල අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.

පන්දු 154 කදී වාර්තා වූ අවිෂ්ක ප‍්‍රනාන්දුගේ ශතකයට හයේ පහර 5 ක් සහ හතරේ පහර 13 ක් ඇතුළත් විය. ප‍්‍රවීන් පෙරේරා (96) සමග එක්ව සෙබස්තියන් ඉනිමේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 212 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද අවිෂ්ක ප‍්‍රනාන්දු සමත් විය.

ශී‍්‍ර ලංකා 19 න් පහළ කණ්ඩායමේ ප‍්‍රබලතම පිතිකරුවකු වන සම්මු අශාන් ආනන්ද පිල වෙනුවෙන් කී‍්‍රඩා කළද තරගය නතර කරන විට ආනන්ද විදුහල් පිලට ලබාගත හැකිවූයේ කඩුලූ 3 ක් දැවී ලකුණු 137 ක් පමණි.

අර්ධ අවසන් පූර්ව වටයේ තරගය ශාන්ත සෙබස්තියන් විදුහල සහ මාතර ශාන්ත සර්වේශස් විදුහල අතර පැවැත්වේ.


ශාන්ත සෙබස්තියන් විදුහල පළමු ඉනිම - ඕවර 90 කදී කඩුලූ 6 ක් දැවී 327
(අවිෂ්ක ප‍්‍රනාන්දු 130, ප‍්‍රවීන් පෙරේරා 96, සඳරුවන් ප‍්‍රනාන්දු 30, තුෂාර ප‍්‍රනාන්දු නොදැවී 29, ඬේමියන් ඩෙබිසර් 22, සම්මු අෂාන් 92/3)

ආනන්ද විදුහල පළමු ඉනිම -  ඕවර 24 කදී කඩුලූ 3 ක් දැවී 137
(නිසල ෆ‍්‍රැන්සිස්කෝ 60, සම්මු අෂාන් 56, ප‍්‍රවීන් ජයවික‍්‍රම 33/3)

 


අදහස් (0)

අවිශ්කගේ ඉනිමෙන් ශ. සෙබස්තියන් ඉදිරියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.